Home » වසර 1800ක සිර දඬු­වමක් සහ ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් 7ක්
අයි­එස් කාන්තා­ව­කට තුර්කි මහා­ධි­ක­ර­ණ­යෙන්

වසර 1800ක සිර දඬු­වමක් සහ ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් 7ක්

by Gayan Abeykoon
April 30, 2024 1:20 am 0 comment

තුර්කියේ  ඉස්තා­නා­බුල් අග­නු­වර ටක්සිම් චතු­ර­ස්‍ර­යේදී 2022 වසරේ සිදුවූ බෝම්බ ප්‍රහා­රය  සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගත් කාන්තා­ව­කට තුර්කියේ මහා­ධි­ක­ර­ණය ජීවි­තා­න්තය දක්වා  සිර දඬු­වම් 7ක් සහ වසර 1800ක සිර දඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය  වාර්තා කළේය. පුද්ග­ල­යන් 6 දෙන­කුට මරු කැඳවූ එම බෝම්බ ප්‍රහා­ර­යෙන් තවත්  පුද්ග­ල­යන් 99දෙනකු තුවාල ලබා තිබිණි. සිර දඬු­වම් නියම වූයේ අහ්ලම් අල්  බෂීර් නමැති තරු­ණි­ය­කට වන අතර, ඇය අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­කා­වක බවට  තොර­තුරු හෙළි වී තිබිණි. මේ ප්‍රහා­ර­යෙන් පසු තුර්කි පොලි­සිය එරට අයි­එස්  ත්‍රස්ත සාමා­ජි­ක­යන් සොයා දැවැන්ත මෙහෙ­යු­මක්ද ක්‍රියා­ත්මක කළ අතර, ජාතික  ආර­ක්ෂාව සහ දේශ­සීමා පරි­පා­ල­නය පිළි­බඳ අව­ධා­නය යොමු කර­මින් ත්‍රස්ත  ක්‍රියා­කා­ර­කම් මැඬපැවැ­ත්වී­මට තවත් පිය­වර රැසක් ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT