Thursday, May 16, 2024
Home » දෙහි­වල නීති­ඥ­ව­රි­යක ඇඳ මත ඝාත­නය කරලා

දෙහි­වල නීති­ඥ­ව­රි­යක ඇඳ මත ඝාත­නය කරලා

by Gayan Abeykoon
April 30, 2024 1:22 am 0 comment

 නිව­සක තනිව විසූ අවි­වා­හක වයෝ­වෘද්ධ නීති­ඥ­ව­රි­යක නිවසේ ඇඳ මත අභි­ර­හස් ලෙස ඝාත­නය කර දේපළ කොල්ලකා ඇතැයි කොහු­වල පොලි­සිය කියයි.

මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ දෙහි­වල කළු­බෝ­විල පාර, ද සිල්වා හරස් පාර පදිං­චිව සිටි සේපා­ලිකා  චාන්දනී සත­ර­සිංහ(64) යන අයයි. ඝාත­න­යට ලක් වූ බව කියන   නීති­ඥ­ව­රිය මෙම නිවසේ තනිව වාසය කර ඇති අතර ඇයගේ සොයුරා කැන­ඩාවේ වෙසෙන බව පොලි­සිය සඳ­හන් කරයි.

ඇය ඔහු සමඟ නිර­තු­රු­වම දුර­ක­ථ­න­යෙන් සබ­ඳතා පව­ත්වන අතර ඉකුත් පෙබ­ර­වාරි 15 වෙනි­දින  අව­සන් වතා­වට ඔවුන්   දෙදෙනා දුර­ක­ථ­න­යෙන් සම්බන්ධ වී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

කැන­ඩාවේ පදිංචි සහෝ­ද­ර­යාගේ මිතු­රකු වන මිරි­හාන  ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකු ඊයේ 29 දහ­වල් කොහු­වල පොලි­සිය වෙත පැමිණ   කැන­ඩාවේ පදිංචි මිතු­රාගේ සහෝ­ද­රිය ඔහුට පෙබ­ර­වාරි 15 වැනි දිනෙන් පසුව දුර­ක­ථ­න­යෙන් සබ­ඳතා නොපැ­ව­තීම හේතු­වෙන් ඒ සම්බ­න්ධ­යෙන් කොහු­වල පොලි­සිය දැනු­ම්වත් කරන ලෙස පැව­සී­මෙන් අන­තු­රුව පැමි­ණි­ල්ලක්  කළ බව පොලි­සිය කියයි.

ඒ අනුව කොහු­වල පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අදාළ නිවස වෙත ගොස් සොයා බැලීමේ දී ඉදි­රි­පස ස්වංක්‍රීය ගේට්ටු­වට යාබද ගේට්ටුව ඉබි යතුරු දමා වසා තබා තිබී ඇති අතර ස්වයං­ක්‍රීය ගේට්ටුවේ කුඩා ගේට්ටු­වෙන් වත්තට ඇතුළු වී පරික්ෂා කිරීමේ දී නිවසේ ඉදි­රි­පස දොර වසා තිබී ඇති අතර නිවසේ පිටු­පස දෙසට ගොස් බැලීමේ දී මුළු­තැන් ගෙයි දොර අඩක් විවෘත කර තිබෙනු දැක එයින් ඇතුළු වී පරික්ෂා කිරීමේ දී නිවස තුළ බඩු­මුට්ටු ඇද දමා තිබෙන අයුරු දැක තිබූ බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

අන­තු­රුව තව­දු­ර­ටත් පරික්ෂා කිරී­මේදී  නිවසේ සාල­යට යාබද කාම­රයේ ඇඳ රෙදි පිළි­ව­ලින් යම් දෙයක් වසා දමා තිබී ඇති අතර එය හොඳින් පරික්ෂා කිරීමේ දී පාද­යක් සහ හිස­කෙස් දක්නට ලැබී­මෙන් අන­තු­රුව වැඩි­දු­ර­ටත් සිදු­කළ සොයා බැලීමේ දී  රෙදි­ව­ලින්   වසා තිබූ නීති­ඥ­ව­රි­යගේ නරක් වූ මළ සිරුර  සොයා ගැනී­මට හැකිවූ බව පොලි­සිය කියයි.

නිවස තුළට ඇතුළු වී යම් සහ­සි­ක­යෙක් හෝ පිරි­සක්  නිවසේ විදු­ලිය විසන්ධි කර ඇයව ඇඳ මත ඝාත­නය කිරී­මෙන් අන­තු­රුව ඇයගේ සිරුර මතට රෙදි­පිලි දමා වසා නිවසේ අල්මාරි කබඩ් අවුස්සා දේපළ සොයා ඇති අතර ඒ අයු­රින් මුළු නිව­සෙම බඩු­මුට්ටු අවුස්සා දමා ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

සිදුවී ඇති ඝාත­නය කවදා සිදුවී ඇත්ද යන්න නිශ්චිත වශ­යෙන් කිව නොහැකි බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

සිද්ධිය වූ ස්ථාන­යට පැමිණි ගල්කිස්ස අධි­ක­ර­ණයේ වැඩ බලන මහේ­ස්ත්‍රාත් රත්න ගමගේ මහ­ත්මිය  මූලික මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය පැවැත් වූ අතර මළ සිරුර කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­යකු ලවා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පව­ත්වන ලෙස පොලි­සි­යට නියෝග කළේය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රියේ ප්‍රසන්න බ්‍රාහ්මණ, සහ­කාර පොලිස් අධි­කාරි එම් ඩී. ඩී. නිලංග මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත කොහු­වල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක වසන්ත පිටි­ගල ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එච්. එස්. පර­ණ­ගම, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 192016 හේරත් 83745 මදු­සංක මහ­ත්ව­රුන් පරී­ක්ෂණ පව­ත්වති.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, ගල්කිස්ස - ශෙහාන් ජය­ව­ර්ධන, කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT