Thursday, May 16, 2024
Home » හොර ඉඩම් බල­පත් යොදා­ගෙන මිහි­න්තලේ රක්ෂි­තයේ අක්කර 18ක් ඇල්ලීම ගැන කඩි­නම් පරී­ක්ෂ­ණ­යක්

හොර ඉඩම් බල­පත් යොදා­ගෙන මිහි­න්තලේ රක්ෂි­තයේ අක්කර 18ක් ඇල්ලීම ගැන කඩි­නම් පරී­ක්ෂ­ණ­යක්

by Gayan Abeykoon
April 30, 2024 1:22 am 0 comment

රජය ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කර ඇති මිහි­න්තලේ රක්ෂි­තය නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ අක්කර 18ක පමණ භූමි­යක් ව්‍යාපා­රි­ක­යකු විසින් බල­හ­ත්කා­ර­යෙන් අල්ලා ගෙන එකී භූමිය සඳහා ව්‍යාජ බල­පත්‍ර හත­රක් සකස් කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ නියෝග මත අනු­රා­ධ­පුර විශේෂ අප­රාධ විම­ර්ශන අංශය මඟින් විශේෂ කඩි­නම් විම­ර්ශ­න­යක් ආරම්භ කොට තිබේ.

මෙම විම­ර්ශ­නය ආරම්භ කර ඇත්තේ ව්‍යාජ බව කියන අදාළ ඉඩම් බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට

පැමි­ණිලි කරන ලෙසට අනු­රා­ධ­පුර අති­රේක මහෙ­ස්ත්‍රාත් කංචනා නර්ථනා අභි­මානි සෙන­වි­රත්න මෙන­විය අනු­රා­ධ­පුර අඩවි වන නිල­ධාරි සුමිත් සුවා­රිස් මහ­තාට ලබා දුන් නියෝ­ග­ය­කට අනුව අඩවි වන නිල­ධාරි සුමිත් සුවා­රිස් මහතා අනු­රා­ධ­පුර විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට කළ පැමි­ණි­ල්ල­කට අදා­ළ­වය.

ඒ අනුව වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­රා­ධ­පුර අඩවි වන නිල­ධාරි සුමිත් සුවා­රිස් මහතා සිය පැමි­ණිල්ල මඟින් අනු­රා­ධ­පුර විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට දැනුම් දී ඇත්තේ රජය ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කර ඇති මිහි­න්තලේ රක්ෂි­තය නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ අක්කර 18ක පමණ භූමි­යක් ඔලු­පො­තගේ සුමින්ද සේනා­ධීර නමැති ව්‍යාපා­රි­ක­යකු විසින් බල­හ­ත්කා­ර­යෙන් නීති විරෝ­ධීව අල්ලා ගෙන ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර ඇති බවයි.

එකී අක්කර 18ක භූමිය සහිත ඉඩම සඳහා මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා විසින් නිකුත් කළ බව කියන බල­පත්‍ර හත­රක් අදාළ ව්‍යාපා­රි­කයා විසින් ඉදි­රි­පත් කරන ලද බව ද පොලි­සි­යට පවසා ඇති අඩවි වන නිල­ධා­රි­ව­රයා එම බල­ප­ත්‍ර­වල නිත්‍යා­නු­කූ­ල­භා­වය පිළි­බ­ඳව වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යා­ගෙන් ලිඛි­තව විම­සී­මක් කළ බව ද පවසා ඇත. ව්‍යාපා­රි­කයා විසින් ඉදි­රි­පත් කරන ලද අදාළ බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් කිසිඳු සට­හ­නක් හෝ ලේඛ­න­යක් තම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය සතුව නොමැති බව මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා විසින් වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට ලිඛ­තව දන්වා ඇති බව ද අඩවි වන නිල­ධා­රි­ව­රයා පොලි­සි­යට ප්‍රකාශ කොට තිබේ.

ප්‍රශ්න­ගත මෙම බල­පත්‍ර හතර අත­රින් එක් බල­ප­ත්‍ර­ය­කට අනු­රා­ධ­පුර හිටපු මහ දිසා­පති ටී. කේ. දස­නා­යක මහ­තාගේ බව කියන අත්ස­නක් තබා ඇති බවත් එහෙත් එකී අත්සන ද හිටපු මහ දිසා­පති ටී.කේ. දස­නා­යක මහ­තාගේ නොවන බවට මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා විසින් වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට ලිඛි­තව දන්වා ඇති බව ද අඩවි වන නිල­ධා­රි­ව­රයා ස්වකීය පැමි­ණිල්ල මගින් තව­දු­ර­ටත් පොලි­සි­යට පවසා ඇත. ඒ අනුව මෙම ඉඩම් බල­පත්‍ර හත­රම කූඨ ලෙස සක­සන ලද ව්‍යාජ ඒවා බවට සැක කරන්නේ යැයි ද? පොලි­සි­යට පවසා ඇති අඩවි වන නිල­ධාරි සුමිත් සුවා­රිස් මහතා මේ සම්බ­න්ධ­යෙන් විශේෂ විම­ර්ශ­න­යක් කර අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා ලෙසට ඉල්ලී­මක් කර තිබේ.

අදාළ ව්‍යාපා­රි­කයා නීති­වි­රෝ­ධීව අත්පත් කර ගෙන ඇති භූමිය රක්ෂි­ත­යක් බවට රජය ප්‍රකා­ශ­යට පත් කර ඇති ගැසට් පත්‍රය සහ ව්‍යාපා­රි­කයා විසින් ඉදි­රි­පත් කර ඇති ව්‍යාජ බව කියන ඉඩම් බල­පත්‍ර සහ එම ඉඩම් බල­ප­ත්‍ර­වල නිත්‍යා­නු­කූ­ල­භා­වය පිළි­බ­ඳව වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් මිහි­න්තලේ ප්‍රදේ­ශීය ලේක­ම්ව­ර­යා­ගෙන් ලිඛි­තව විම­සීම් කරන ලද ලිපිය සහ එකී ඉඩම් බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය සතුව කිසිඳු සට­හ­නක් හෝ ලේඛ­න­යක් නොමැති බවට මිහි­න්තලේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා විසින් ලිඛි­තව දන්වා ඇති ලිපිය ද විම­ර්ශන කට­යුතු සඳහා අඩවි වන නිල­ධා­රි­ව­රයා විසින් පොලි­සි­යට ලබා දී තිබීම විශේ­ෂ­ත්ව­යකි.

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT