Home » විජ­ය­දා­සට පැනවූ වාර­ණය ගැන කිසිදු දැනුම් දීමක් කර නෑ
වාර­ණ­යට එරෙහි ප්‍රති­ශෝ­ධන පෙත්සම

විජ­ය­දා­සට පැනවූ වාර­ණය ගැන කිසිදු දැනුම් දීමක් කර නෑ

ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා

by Gayan Abeykoon
April 30, 2024 1:22 am 0 comment

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ වැඩ­බ­ලන සභා­ප­ති­ව­රයා ලෙස තමන් පත් කිරීම වළ­ක්වා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය විසින් නිකුත් කළ වාරණ නියෝ­ගය හෝ ඒ සම්බන්ධ කිසිදු දැනු­ම්දී­මක් හෝ ලේඛ­න­යක් තමන්ට මෙතෙක් ලැබී නොමැති අතර එම නියෝ­ගය පිළි­බඳ මාධ්‍ය මගින් තමා දැන­ගත් බව අධි­ක­රණ ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ මහතා සිය නීති­ඥ­ව­රයා මඟින් ඊයේ (29) අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.  අදාළ වාරණ නියෝ­ගය විසු­රුවා හරින ලෙස ඉල්ලා ගොනු­කර ඇති ප්‍රති­ශෝ­ධන පෙත්ස­මක් අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එන්. සම­ර­කෝන් මහතා හමුවේ කැඳවූ අව­ස්ථාවේ දී පෙත්ස­ම්කාර අධි­ක­රණ ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා මේ බව සඳ­හන් කළේය.

එහි දී ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ සිය සේවා දාය­කයා වෙත

කිසිදු ලේඛ­න­යක් ලබා­දී­මෙන් තොරව මෙන්ම කිසිදු දැනුම් දීම­කින් තොරව කොළඹ දිසා­ධි­ක­ර­ණය මගින් අදාළ වාරණ නියෝ­ගය ලබා ගැනී­මට දුමින්ද දිසා­නා­යක, ලසන්ත අල­ගි­ය­වන්න සහ මහින්ද අම­ර­වීර කට­යුතු කර ඇති බව ය.

අදාළ වාරණ නියෝ­ගය ලබා­ගත් බව සිය සේවා දාය­කයා දැනුම් දැනු­ම්වත් වී ඇත්තේ මාධ්‍ය මගින් බව ද අදාළ වාරණ නියෝ­ගය පිට­ප­තක් ලබා ගත්තේ මාධ්‍ය හරහා බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

එහි දී දිසා අධි­ක­ර­ණ­යට අදාළ නඩුව ගොනු කළ දුමින්ද දිස­නා­යක, ලසන්ත අල­ගි­ය­වන්න, මහින්ද අම­ර­වීර යන මහ­ත්වරු වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ චන්දක ජය­සු­න්දර මහතා සඳ­හන් කළේ අදාළ පෙත්සම සහ වාරණ නියෝ­ගය සම්බ­න්ධ­යෙන් වන ලිය­කි­ය­විලි විජ­ය­දාස රාජ­පක්ෂ මහ­තාගේ නීති­ඥ­ව­ර­යාට ලබා දීමට කට­යුතු කරන බවය.

කෙසේ වුවද අදාළ වාරණ නියෝ­ග­යට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ගොනු කර ඇති මෙම ප්‍රති­ශෝ­ධන පෙත්සම සම්බ­න්ධ­යෙන් කිසිදු ලේඛ­න­යක් තමන්ට ලැබී නොමැති බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. තත්ත්වය එසේ වුවත් මෙම පෙත්සම මුල් අව­ස්ථා­වේ­දීම නිෂ්ප්‍රභ කරන ලෙස තමන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳ­හන් කළේය. මෙම පෙත්ස­මට අදා­ළව වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කිරීම සහ අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් තමා විරෝ­ධය පළ කරන බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

එහිදී ඔහු සඳ­හන් කළේ දිසා අධි­ක­ර­ණය විසින් දෙන ලද මෙම වාරණ නියෝ­ග­යට එරෙ­හිව නියෝ­ග­යක් ලබා ගැනී­මට නම් එම අධි­ක­ර­ණ­ය­ටම ඉල්ලී­මක් කළ යුතු බවය. එහෙත් මේ වන තෙක් කිසිදු පාර්ශ්ව­ය­කින් එවැනි ඉල්ලී­මක් ඉදි­රි­පත් වී නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එවැනි ඉල්ලී­මක් ඉදි­රි­පත් වී එය ප්‍රති­ක්ෂේප වූ අව­ස්ථා­වක ඊට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පැමි­ණීමේ අව­ස්ථාව ඇති නමුත් එම අධි­ක­ර­ණ­යට ඉල්ලී­මක් නොකර මුල් අව­ස්ථා­වේ­දීම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ට පැමි­ණී­මට නීත්‍ය­නු­කූල බල­යක් නොමැති බව ද ඔහු සඳ­හන් කළේය.

එසේම එවැනි පෙත්ස­මක් විභා­ග­යට ගැනී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට බල­යක් නොමැති බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. කෙසේ වුවද මෙහි දී විනි­සුරු ඩී.එන්. සම­ර­කෝන් මහතා පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ප්‍රති­ශෝ­ධන පෙත්සම සම්බ­න්ධ­යෙන් වග­උ­ත්ත­ර­කාර පාර්ශ්ව­යන්ට දැනුම් දීමක් කර තිබේද යන්නය.

එහිදී ජනා­ධි­පති නීති­ඥ­ව­රයා කියා සිටියේ අදාළ නොතීසි දන්වා යැවූ බවය. කෙසේ වුවද එවැනි කිසිදු නොතී­සි­යක් හෝ ලිය­වි­ල්ලක් තමන්ට නොලැ­බුණු බව වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­වරු අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළහ. කරුණු සලකා බැලූ විනි­සු­රු­ව­රයා මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් සෙසු පාර්ශ්ව­යන්ට නිසි ලෙස නොතීසි දන්වා යැවී­මෙන් අන­තු­රුව කරුණු විම­සී­මට තීර­ණය කළේය. ඒ අනුව මැයි මස දෙවැනි දා නැවත පෙත්සම කැඳ­වී­මට තීර­ණය කෙරිණි.

නෙල්කා මැද­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT