Home » ප්‍රථමවරට සමනල පාරාදීසයක සජීවී අත්දැකීමක් ළඟා කර දීමට Spa Ceylon ආයතනය මූලිකත්වය ගනී

ප්‍රථමවරට සමනල පාරාදීසයක සජීවී අත්දැකීමක් ළඟා කර දීමට Spa Ceylon ආයතනය මූලිකත්වය ගනී

by sachintha
April 17, 2024 1:48 am 0 comment

Spa Ceylon ආයතනය පෙරළිකාර මුලපිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ පළමුවරට “සමනල පාරාදීසය” (Butterfly Paradise) නමින් ත්‍රිමාණ සජීවීකරණයෙන් බල ගැන්වුණු බහු සංවේදී අත්දැකීමක් One Galle Face Mall හිදී එළිදක්වන ලදි. 2024 අප්‍රේල් 5 සිට 7 දක්වා පැවැත්වුණු අවුරුදු ගැලරියට සමගාමීව ක්‍රියාත්මක වුණු මෙම ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි අයට ආකර්ෂණීය සමනල පාරාදීසයක අත්දැකීම සහ සමනලයින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පහදා දීමට ද අරමුණු කොට තිබුණි.

අනර්ඝ ජෛව විවිධත්වයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ආවේණික සමනල් විශේෂ 248කට අධික සංඛ්‍යාවකට නිවහන වී ඇති අතර ඉන් 76කට අධික සංඛ්‍යාවක් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී.

එම හදිසි අවශ්‍යතාව හඳුනා ගත් Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය හා හවුල්කාරිත්වයෙන් 2017 වසරේ මුල් භාගයේ සිට ඒ සඳහා ක්‍රියා කළේය. වසර ගණනාවක් පුරා වස්ගමුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරමින් ඔවුන් සමනලුන් වෙනුවෙන් රක්ෂිතයක් නිර්මාණය කළ අතර, මෙරටට ආවේණික සමනල් විශේෂ 8ක් ඇතුළුව සමනල් විශේෂ 52කට අධික ප්‍රමාණයකට ස්වාභාවික වාසභූමියක් බවට එම රක්ෂිතය පත්වී තිබේ. මෙම මුලපිරීම එම උත්සාහයේ දිගුවක් වන අතර, වාසස්ථාන සුපෝෂණය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙහෙරගල රක්ෂිතයේ සමනල උද්‍යානයක් ඉදිකිරීමට ඔවුන් එක්ව කටයුතු කරමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT