Saturday, May 18, 2024
Home » චීන ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට යන අපේ රටේ නිවුන්නු

චීන ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට යන අපේ රටේ නිවුන්නු

by yasara
April 30, 2024 9:33 am 0 comment

චීනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 06 දෙනෙකු අද  (30)   අලුයම  කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

මෙම මහා සමුළුව චීනයේ යුනාන් ප්‍රාන්තයේ  මොජෑන් නුවර ( Mojang ) එළඹෙන 05/01 දින සිට 05/04 දක්වා රටවල් 57 ක නිවුන්නු ලක්ෂයකගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය .

මෙම මොජෑන් නුවර ගංගා දෙකක් පවතින අතර ඉන් එක ගංගාවක ස්නානය කළ හොත් සම නිවුන්නු බිහි වෙන බවත් , ගංගා දෙකෙන්ම ස්නානය කළ හොත් විෂම නිවුන්නු බිහි වන බවත් එරට වැසියන් විශ්වාස කරති .

එසේම වර්තමානයේ මෙම මොජෑන් නුවර ඉපදෙන දරුවන්ගෙන් 25% ක් නිවුන් දරුවන් වීම ද විශේෂත්වයකි .

ලොව ප්‍රථම නිවුන් නර්තන කණ්ඩායම ශ්‍රී ලංකාව සතු වන අතර , එම කණ්ඩායම පළමු වරට මෙම ජාත්‍යන්තර සමුළුව අතරතුර දී දේශීය නර්තන කළාව විදහා දක්වමින් නර්තන අංග තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නිවුන් නර්තන උපදේශිකා චමරි ගමගේ මෙනවිය කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවාය .

මෙහිදී එළඹෙන නොවැම්බර් 24 දින ලොව පළමු වරට ග්ලෝබල් – 2024 නිවුන් මහා සමුළුවක් ලොව පුරා සිටින නිවුන්නු 4,000 කගේ සහභාගීත්වයෙන්  ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැළසුම් කර ඇති අතර ඒ සදහා මෙම චීන මහා සමුළුවේ දී ආරාධනා කිරීමට ද නියමිතය .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT