Tuesday, May 21, 2024
Home » අකුණු සැර වැදී අයියා සහ නංගී ජීවිතක්ෂයට

අකුණු සැර වැදී අයියා සහ නංගී ජීවිතක්ෂයට

by yasara
April 30, 2024 9:23 am 0 comment

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි අයියාට සහ නංගීට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසයි.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT