Home » ලංකා බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙරට ප්‍රථම කෘෂිකර්මාන්තය සඳහා වන ඩ්‍රෝන යානා නියමුවන් 100 දෙනෙක්

ලංකා බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙරට ප්‍රථම කෘෂිකර්මාන්තය සඳහා වන ඩ්‍රෝන යානා නියමුවන් 100 දෙනෙක්

by sachintha
April 17, 2024 2:47 am 0 comment

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නව මානයක් වෙත යොමු කරමින්, මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රථම ඩ්‍රෝන යානා නියමුවන් 100දෙනා විසිර යාමේ උත්සවය පසුගියදා සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි. දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීමේ අරමුණින් ඩ්‍රෝන යානා 250ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතියට අදාළ පළමු කෘෂිකාර්මික ඩ්‍රෝන යානා නියමුවන් කණ්ඩායම විසිර යාම මෙසේ සිදු විය.

ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර සහ කෙනිල්වර්ත් ඉන්ටර්නැෂනල් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම නිපුණතා කවුන්සිලයේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට ලංකා බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකුකරණ) එම්. ආර්. එන්. රෝහණ කුමාර සහ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ යන මහත්වරු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT