Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා රු. බිලියන 10.6ක බදු පෙර ලාභයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා රු. බිලියන 10.6ක බදු පෙර ලාභයක්

by sachintha
April 17, 2024 1:43 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලිමිටඩ් රු. බිලියන 21ක ජීවිත රක්ෂණ වාරික ආදායම් අගයක් ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් රු. බිලියන 23.4ක සාමාන්‍ය රක්ෂණ වාරික ආදායම් අගයක් ද වාර්තා කරයි.

හිමිකම් සහ කල්පිරීම් සඳහා මුළු ගෙවීම රු බිලියන 27.6ක්. මසකට රු. බිලියන 2.3ක සාමාන්‍යයක්.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් ශක්තිමත්ව නව ගමනක අප්‍රේල් 09, 2024 – කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා රු. බිලියන 10.6 ක බදු පෙර ලාභයක් සහ රු. බිලියන 44.2ක ඒකාබද්ධ රක්ෂණ වාරික ආදායම් අගයක් වාර්තා කරයි. මෙය 7%ක සමස්ත වර්ධනයකි. 2023 දෙසැම්බර් 31 වන දිනට, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජීවිත රක්ෂණ වාරික ආදායම රු. බිලියන 21ක් සහ සාමාන්‍ය රක්ෂණ වාරික ආදායම රු. බිලියන 23.4ක් ලෙස වාර්තා වේ.

පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ලෙස රු. බිලියන 27.6ක් වාර්තා කර ඇති අතර මීට අමතරව 2023 වසරේ දී රු. බිලියන 10.4ක දැවැන්ත ජීවිත රක්ෂණ බෝනස් දීමනාවක් ද ලබා දීමට සමත් විය. තවද, රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය ලෙස තම ස්ථානය තහවුරු කර ගනිමින් වසර ගණනාවක් පුරා සිය වත්කම් පදනම සහ ජීවිත අරමුදල අඛණ්ඩව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් වී ඇත. මෙම වසරේදී සිය වත්කම් රු. බිලියන 313.3ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 180.8ක් දක්වා වර්ධනය කරගන්නා ලදී. ආයතනය තුළ සිදු වූ විවිධ වෙනස්කම් මධ්‍යයේ සහ රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික හා සාමාජීය තත්ත්වයන් හමුවේ මෙම සියලු‍ ජයග්‍රහණ ලැබීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් වීම විශේෂත්වයකි. එසේම අඛණ්ඩව 5 වැනි වසරටත් තම වෙළඳපොළ ස්ථානය තහවුරු කර ගනිමින් 2023 වසර අවසානයේ දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රුපියල් බිලියන 10ක හිමිකම් ගෙවීමක් සහ මුළු රක්ෂණ වාරික ආදායම රු. බිලියන 13.5ක් ලෙස වාර්තා කරමින්, 21%ක තම වෙළඳපල කොටස සුරක්ෂිත කර ගැනීමට සමත් විය. මෙය 6%ක වර්ධනයක් වන අතර එය මෝටර් රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන සාමාන්‍ය වන 0.5%ට වඩා 10 ගුණයකට වැඩි වේගවත් වර්ධනයක් වේ.

ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග සමඟ රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රකාශිත වැඩිම ජීවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිභවා යමින් 2022 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 10.49ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර, පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි වටිනාකම රු. බිලියන 92.8ක් ඉක්මවා යයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම මහතා තම අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේ, “නොයෙකුත් අභියෝග හමුවේ වුවද ආයතනය ලබාගත් සියලු‍ම මූල්‍ය සහ මූල්‍ය නොවන ජයග්‍රහණවලින් පිළිඹිබු වන්නේ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම, උත්සාහය සහ උනන්දුවයි. ආයතනික වෙනස් වීම්, ආර්ථික හා සාමාජීය බලපෑම් මධ්‍යයේ වුවද අපගේ විචක්ෂණ උපාය මාර්ගික භාවිතයන්, නිරන්තර අවධානය සහ නොසැලෙන අධිෂ්ඨානය අපව වඩාත් ලාභදායී ආයතනයක් ලෙස ස්ථානගත කිරීමට සමත් වී ඇත. අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම නොයෙකුත් අභියෝග ජය ගැනීමට ඉවහල් වූ අතර ශක්තිමත් පදනමකින් සහ අනාගතයක් සඳහා පැහැදිලි දැක්මකින් සන්නද්ධව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලෙස නව ගමනක් ආරම්භ කිරීමට ආයතන දෙකම සූදානම්” බවයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා පැවසුවේ, ‘පසුගිය වසර තුළ විවිධ අභියෝග ජය ගනිමින් වඩාත් ශක්තිමත් සහ ලාභදායී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ශක්තිය තහවුරු කරගෙන ඇත. එසේම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ ක්‍රියාවලිය සිදුවන මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් යන ආයතන දෙකම ඕනෑම ආයෝජකයෙකුට කිසිදු පැකිලීමකින් තොරව ආයෝජනය කළ හැකි ඉතාමත් ශක්තිමත් සහ ස්ථාවර ආයතන ද්විත්වයක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. ආයතන දෙකෙහිම කාර්ය සාධනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ආයතන දෙකකි. මෙහි ආයෝජනය කිරීමෙන් ආයෝජකයින්ට විශාල ප්‍රතිලාභ රැසක් ළඟා කරගත හැක. එපමණක් නොව එවැනි ශක්තිමත් වත්කමක් ලබා ගැනීමෙන් ගැනුම්කරුවන් ශක්තිමත් වීම සහ ව්‍යාපාරය පුළුල් වීම තුළින් අන්‍යෝන්‍ය වර්ධනය සහ දිගුකාලීන පැවැත්ම වැඩිදියුණු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT