Home » Knuckles පානීය ජලය නව මුහුණුවරකින්!

Knuckles පානීය ජලය නව මුහුණුවරකින්!

by sachintha
April 17, 2024 1:46 am 0 comment

සුපිරිසුදු බව සහ ගුණාත්මක බව සඳහා කවදත් කැපවුණ සුප්‍රකට Knuckles වෙ‍ෙළ‍ඳ නාමය විසින්, පසුගියදා සිය නවතම නිපැයුම ලෙස Knuckles පානීය ජලය නව වීදුරු බෝතල් ඇසුරුමකින් වෙ‍ෙළඳපළට හඳුන්වා දෙන ලදි. Knuckles සඳහා යොදා ගන්නේ නැවුම් Knuckles කඳුවැටියේ ජල මූලාශ්‍රයන්ගෙන් ලබා ගන්නා පිරිසිදු ජලයයි. සූක්ෂ්ම හා විශිෂ්ට බෝතල් කිරීමේ ක්‍රියාවලියක් තුළින් එකී ජලයේ අඩංගු Knuckles කලාපයටම ආවේණික හා සුවිශේෂ වූ සියලු‍ ස්වාභාවික මූලද්‍රව්‍ය හා ගුණාංගයන් කිසිදු අඩුවකින් තොරව සිය පානීය ජල බෝතල් තුළද එලෙසම අඩංගු වන බවට Knuckles සහතික වෙයි. පිරිසිදු ජලයේ ස්වාභාවිකව හටගන්නා ගුණාංගයන්ගෙන් මෙන්ම අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍යයන්ගෙන්ද ඉහළ PH අගයකින්ද පොහොසත් Knuckles බෝතල් කළ පානීය ජලය අතිවිශේෂී සජලන ප්‍රභවයකින්ද සමන්විත වෙයි.

“අපගේ Knuckles බෝතල් කල පානීය ජලය නව වීදුරු බෝතල්වල හඳුන්වාදීමට ලැබීම අපට ඉමහත් සතුටක්”

කාගිල්ස් ෆුඩ්ස් ඇන්ඩ් බෙවරේජස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ, සිය නවතම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් එසේ පැවසීය.

‘‘ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන අපගේ ප්‍රතිඥාව කවදත් නොවෙනස්. මෙම නව හඳුන්වාදීමෙන් පිළිබිඹු‌ වෙන්නේත් වඩාත් සුපිරිසිදු හා වඩාත් නැවුම් පානීය ජලය අපගේ පාරිභෝගිකයන් වෙත සැපයීම සඳහා වන අපගේ කැපවීමයි .”

Knuckles බෝතල් කල පානීය ජලය, SLS 894:2003, UDC 663,64,059 තත්ව මෙන්ම HACCP, GMP සහ ISO 9001:2015, ISO 22000:2018 යන තත්ත්වයන් ද ලබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ආහාර සුරක්ෂිතතා හා ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන බවටද සහතික ලබා ඇත. ඊට අමතරව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) සහතිකය ද නකල්ස් සතු වෙයි.

ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සිය ප්‍රතිඥාව සුරකිමින් Knuckles, නිෂ්පාදනයේ සෑම අදියරකදීම SLS ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බව තහවුරු කිරීම සඳහා නිරන්තර තක්සේරු කිරීම් සිදුකරනු ලබයි. එසේම ජලයේ සුපිරිසුදු බව සහ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අංගසම්පූර්ණ රසායනාගාර පහසුකම් ද සමාගම විසින් පවත්වාගෙන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT