Home » HDFC බැංකුව සේවා පිළිබඳ දැනුම්වත් කිරීමේ නව වැඩසටහනක් අරඹයි

HDFC බැංකුව සේවා පිළිබඳ දැනුම්වත් කිරීමේ නව වැඩසටහනක් අරඹයි

by sachintha
April 17, 2024 1:00 am 0 comment

HDFC බැංකුව විසින් ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ලබාදෙන මූල්‍ය සේවා පිළිබඳ දැනුම්වත් කිරීමේ අරමුණින් ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි ශාඛා හරහා දීප ව්‍යාප්ත වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.

නව සන්නිවේදන ක්‍රමවේදයන් භාවිත කරමින්, බැංකුව විසින් ශාඛා ඉදිරිපිට මූල්‍ය විසඳුම් පුවරු මගින් ප්‍රදර්ශනය කිරීම සහ සේවා පිළිබඳ දැනුම්වත් කිරීම සිදුකරන ලදි. මෙම වැඩසටහන තුළින් මේ අභියෝගාත්මක කාලයේදී මූල්‍ය විසඳුම් හා සුවිශේෂි පාරිභෝගික සේවාවක් සැපයීමට බැංකුවේ කැපවීම ප්‍රදර්ශනය කළේය. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි හඳුන්වා දී ඇති මූල්‍ය විසඳුම් මාලාවක් හරහා ඔවුන්ට මඟ පෙන්වීමට උද්‍යෝගිමත් HDFC බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ. පවුලේ දියුණුව සලසා ගැනීමට ගැළපෙන ආකර්ෂණිය ප්‍රතිලාභ සහ අනාගත සුරක්ෂිතතාව තහවුරු කරන ළමා ඉතුරුම්, සාමාන්‍ය ඉතුරුම්, ස්ථාවර තැන්පතු, ආයෝජන සැලසුම් ගණනාවක් HDFC බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙයට අමතරව දිවයින පුරා පිහිටි සියලු ශාඛා මගින් ලබාදෙන පාමි ටොප් ජංගම බැංකු සේවය මගින්ද බැංකුවට පැමිණීමට අපහසු කාර්යයබහුල ව්‍යාපාරික ප්‍රඡාවට බොහෝ බැංකු සේවා ඉටුකර ගැනීමට පහසුව සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍රලාභී බැංකුවක් වන HDFC බැංකුව ගනුදෙනුකරුවන්ගේ සියලුම මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිවාස ණය, ව්‍යාපාරික ණය, රන් ඇඩ්වාන්ස්, ලීසිං පහසුකම්, කෘෂිකාර්මික ණය, කාරක ප්‍රාග්ධන පහසුකම් නම්‍යශීලි ලෙස සපයමින් සංවර්ධනයේ සහකරුවකුගේ කාර්යයේ පෙරමුණ ගෙන සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT