Home » තීරුබදු නොගෙවූ හොර සිගරැට් දෙතැනකදී අත්අඩංගුවට

තීරුබදු නොගෙවූ හොර සිගරැට් දෙතැනකදී අත්අඩංගුවට

by sachintha
April 17, 2024 1:00 am 0 comment

විදේශීය රටකින් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ හත හමාරක් වටිනා සිගරැට් තොගයක් අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ නි‍ෙවසක සඟවා තිබිය දී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

සිගරැට් තොගය ළඟ තබාගෙන සිටි සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

තීරුබදු නොගෙවා රේගුවට හොරෙන් මෙරටට ආනයනය කරන ලද විදේශීය රටක නිෂ්පාදිත සිගරැට් 7600ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ සිගරැට් තොගය අම්බලන්ගොඩ පොලිසියට භාරදීමට කටයුතු කළ බවද කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර

 

තීරුබදු ගෙවීම පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනආ බවට සැකකෙරෙන විදේශීය සිගරැට් 48ක් සමඟ එක් පුද්ගලයෙකු මොනරාගල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ Manchester වර්ගයට අයත් සිගරැට් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත මොණරාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ පො.සැ. 8502 ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT