189
ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉරානයේ ටෙහ්රාන් නුවරට රැස් වූ අතිවිශාල ජනතාව එම ප්‍රහාරයට සහාය පළ කරමින් ප්‍රීතිඝෝෂා නැඟූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටෙහ්රාන් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට සහ පලස්තීන චතුරස්‍රය අසල රැස් වූ ජනතාව ඉරානයට සහ පලස්තීනයට සහාය පළ කරමින් දෙරටේ ජාතික ධජ ඔසවා සිය සතුට පළ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.