වසර 2016 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝම් ඩැනියෙල්ස්ට මුදල් ගෙවීමක් සිදු කර එය සැඟවීමට සිය ව්‍යාපාරික ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාව සම්බන්ධව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිව්යෝක් නුවර අධිකරණයේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අපරාධ චෝදනා යටතේ ඔහුට එරෙහිව එම නඩුව පවරා ඇති අතර, එවැනි චෝදනාවකට අධිකරණයේ පෙනී සිටින පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ඉතිහාසගත වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම චෝදනාවට තමා නිවැරැදිකරු බව 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, නඩු විභාගයෙන් ඔහු වරදකරු බව තහවුරු වුවහොත් ඔහුට වසර 4ක සිර දඬුවම් නියම වනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද ඔහුට අතිවිශාල දඩ මුදලක් ගෙවීමෙන් සිර දඬුවමෙන් වැළකීමේ අවස්ථාවක් ද ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.