Home » පාසල් ක්‍රිකට් දියුණුවට කැපවූ බී.එස්. පෙරේරා මියයයි

පාසල් ක්‍රිකට් දියුණුවට කැපවූ බී.එස්. පෙරේරා මියයයි

by sachintha
April 16, 2024 1:34 am 0 comment

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට අති විශාල මෙහෙයක් ඉටුකළ බී. එස්. පෙරේරා මහතා ඊයේ සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වූවේය.

වසර 15කට අධික කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජකයෙකු ලෙස ද කටයුතු කළේය. 80 දශකයේදී ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විටදී 79 වියෙහි පසු විය.

ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහලේ හිටපු ප්‍රවීන ගුරුවරයෙකු වූ ඒ මහතා කොට්ටාව හා අනුරාධපුර යන ප්‍රදේශවල ගුරු වෘත්තියේ යෙදී ඇත. රාජගිරිය මාදින්නාගොඩ ජීවත්වූ බී. එස්. පෙරේරා මහතාගේ දේහය සිඩ්නි හී සිට කොළඹට රැගෙන එන බවත්, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවත් ඥාතීහූ දැනුම් දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT