221
කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (16) දින ලැබුණු එළවළුවල මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් තිබුණු බව වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එම්. සිල්වා මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (16) දිනයේ එළවළු කිලෝ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් ලැබුණු බවත්, එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණු බැවින් එම එළවළු ප්‍රමාණය ද අලෙවි කර ගැනීමට තරමක් අපහසු වූ බවත්ය. ඊයේ (16) දින ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබුණේ, බෝංචි 90 – 100 අතර, තක්කාලි 80 – 100 අතර, කැරට් 320, ලීක්ස් 220, බීට් 250, වම්බටු 200, ගෝවා 200, අමුමිරිස් 250 වශයෙනි.
කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න