Home » ‘කොස්ගහ ඇළ පටු පාලම’ මිලියන 92කින් අලුත් වෙයි

‘කොස්ගහ ඇළ පටු පාලම’ මිලියන 92කින් අලුත් වෙයි

by sachintha
April 17, 2024 1:36 am 0 comment

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ‘කොස්ගහ ඇළ පටු පාලම’ මිලියන 92ක මුදලක් වැය කර නවීකරණය කෙරුණි.

එය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කර තිබේ. කුඹුක්වැව සිට මැල්සිරිපුර දක්වා දිවෙන මාවතේ හමුවන මෙම පටු පාලමෙන් වර්ෂා කාලයට ගමන් කිරීමේදී ජනතාව දැඩි බාධාවලට මුහුණ දුන් බවත්, එය වසර 70කට පසුව මෙලෙස නවීකරණය කිරීම ජනතාව ලද ජයග්‍රහණයක් බවත් හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගණේගොඩ රතනජෝති නාහිමියෝ පැවසූහ.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT