Home » ඩුබායි චතුගේ හෙරො­යින් බෙදූ බොරැල්ලේ මාළු සමන්ත සහ චෝලේ අත්අ­ඩං­ගු­වට

ඩුබායි චතුගේ හෙරො­යින් බෙදූ බොරැල්ලේ මාළු සමන්ත සහ චෝලේ අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
April 30, 2024 1:07 am 0 comment

ශ්‍රී ලංකා­වෙන් පැන ගොස් ඩුබා­යිහි පදිං­චිව සිටින විශේෂ ගණයේ සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි නාය­ක­යකු වන කවිෂ්ක මදු­ශාන් නොහොත් චතු මල්ලි නමැ­ත්තාගේ මෙහෙ­ය­වීම යටතේ බොරැල්ල, ලෙස්ලි රණ­ගල මාවත ප්‍රදේ­ශයේ පිහිටි නි‍ෙව­සක් තුළ මහා පරි­මා­ණ­යෙන් ලැබෙන හෙරො­යින් මත්ද්‍රව්‍ය කොට­ස්කර බෙදා හරින බවට ලද රහ­සි­ගත තොර­තු­රක් මත වැට­ලී­මක් සිදු­කර එකම පවුලේ පියා සහ පුතු වන වනා­ත­මුල්ලේ මාළු සමන්ත සහ චෝලේ නමැත්තා ඩයි­ඇ­ස්ට­යිල් මෝෆින් හෙවත් හෙරෝයි ග්‍රෑම් 50 මිලි­ග්‍රෑම් 630ක ප්‍රමා­ණ­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් හෙරො­යින් මත්ද්‍රව්‍ය තොගයේ වටි­නා­කම රුපි­යල් ලක්ෂ පහ­ළො­ව­කට පමණ ආසන්න බවත් ඩුබායි රටේ සිට විවිධ අන්ත­ර්ජාල තාක්ෂ­ණික ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවා­රමේ නියැ­ළෙන විවිධ පුද්ග­ල­යන් හරහා කොළඹ සහ කොළ­ඹට තදා­සන්න ප්‍රදේශ තුළ බෙදා­හැ­රීම සඳහා ලබා දෙනු ලබන හෙරො­යින් මත්ද්‍රව්‍ය කොටස් කර කුඩා පැකට් ලෙස සකස් කර බෙදා­හැ­රීමේ කට­යුතු අත්අ­ඩං­ගු­වට පත් පියා සහ පුත්‍රයා විසින් සිදු­කර ඇති බවද සිදු­කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ බවත් පොලි­සිය පව­සයි.

පොලි­සියේ උකුසු ඇසට වැලි ගසා සුජීව සමන් කුමාර නොහොත් (54) හැවි­රිදි මාළු සමන්ත නමැත්තා සහ ඔහුගේ පුත්‍රයා වන හර්ෂ දුෂාන්ත නොහොත් (33) හැවි­රිදි චෝලේ නමැත්තා ඉතා දීර්ඝ කාල­යක් තිස්සේ මෙම ජාවා­රම සිදු කර­ගෙන ගොස් ඇති බවට සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී තොර­තුරු අනා­ව­ර­ණය වූ බවද පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන් දෙදෙනා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණ­ගල මාවත ප්‍රදේ­ශයේ ස්ථිර පදිං­චි­ක­රු­වන් බවත් පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර පියා සහ පුත්‍රයා (27) වන දින මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී නෙවිල් ද සිල්වා මහ­තාගේ සෘජු අධී­ක්ෂ­ණය මත කොළඹ අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඇන­ස්ලම් ද සිල්වා මහ­තාගේ උප­දෙස් සහ මෙහෙ­ය­වීම මත කොළඹ අප­රාධ කොට්ඨා­සයේ බස්නා­හිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක රාජ­පක්ෂ මහතා ඇතුළු නිල­ධා­රීන් විසින් සිදු කරනු ලබයි.

සමීර අබේ­සිංහ - නුගේ­ගොඩ සමූහ බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT