Home » දියුණු රටක් හදන්න නම් පන්ස­ලත් එක්ක තිබෙන සම්බ­න්ධය වැඩි විය යුතුයි

දියුණු රටක් හදන්න නම් පන්ස­ලත් එක්ක තිබෙන සම්බ­න්ධය වැඩි විය යුතුයි

ඩී.පී. එඩි­යු­කේ­ෂන් සභා­පති ධම්මික පෙරේරා

by Gayan Abeykoon
April 30, 2024 1:07 am 0 comment

පොහො­සත් රටක් හදන්න නම් පන්ස­ලත් එක්ක තිබෙන සම්බ­න්ධය වැඩි විය යුතු බව ඩී.පී.එඩි­යු­කේ­ෂන් නිර්මාතෘ සහ සභා­පති ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ශ්‍රී ලංකා­වම ආව­ර­ණය වන පරිදි දුවා දරු­වන් ඇතුළු ශ්‍රී ලාංකි­ක­යන්ගේ ඩිජි­ටල් සාක්ෂ­ර­තාව වර්ධ­නය කිරීම, සන්නි­වේ­දන සහ චින්තන කුස­ල­තා­වන් වර්ධ­නය කිරීම, අනා­ග­තයේ තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කර­දීම අර­මුණු කර ගනි­මින් “ඩී.පී. එඩි­යු­කේ­ෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘ­තිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපා­රික ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලදී. මේ වන විට ආසි­යාවේ අංක එකේ හොඳම තොර­තුරු තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ල­යට බවට පත්ව ඇත්තේද මේ ඩී. පී. එඩි­යු­කේ­ෂන් අධ්‍යා­ප­නික ව්‍යාපෘ­ති­යයි.

මේ ව්‍යාපෘ­තිය යටතේ අධ්‍යා­ප­නය හැදෑරූ සිසුන්ට සහ­තික පත්‍ර ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යක් පෙරේදා (28) මාතර මහින්ද විජේ­සේ­කර ක්‍රීඩාං­ග­ණ­යේදී පාල­ටුව බෞද්ධ  පිරි­වෙන්  විහා­රා­ධි­පති ගැට­මාන්නේ ගුණා­නන්ද නායක හිමිගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් සහ ඩී.පී. එඩි­යු­කේ­ෂන් නිර්මාතෘ සහ සභා­පති ධම්මික පෙරේරා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් ධම්මික පෙරේරා මහතා මෙසේද පැව­සීය.

ලෝකයේ සෑම විශ්ව­වි­ද්‍යා­ල­ය­කම අවම අවු­රුදු තුන­ක්වත් අව­ශ්‍යයි. පාඨ­මා­ලා­වක් අව­සන් වෙලා රැකි­යා­වක් කරන මට්ට­ම­කට එන්න. හැබැයි මගේ මේ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ඉගෙන ගෙන අවු­රු­ද්ද­කින් එළි­යට එන්නෙ හොඳ රැකි­යා­වක් කරන්න පුළු­වන් ළම­යෙක්. අපේ ව්‍යාපෘති 100ක් ඉවර කර­නවා කිය­න්නෙම රුපි­යල් මිලි­ය­න­යක් පාඨ­මා­ලා­වක් හදාරා අව­සා­නයි කියන එකයි.

ජය­සිරි මුණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT