Home » පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223කට නිවාස ඉදි­ක­රදී අව­සන්

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223කට නිවාස ඉදි­ක­රදී අව­සන්

ඇමැති ප්‍රසන්න රණ­තුංග

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදි­කර භාරදී ඇතැයි නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ, අමා­ත්‍යාං­ශයේ පැවැති හමු­ව­කට සහ­භාගි වෙමිනි.

තවත් නිවාස 11ක ඉදි­කි­රීම් මේ වන විට ආරම්භ වී තිබේ. පවුල් 223ක් සඳහා නිවාස ඉදි­කි­රීම සඳහා රජය වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 139කි. ඉඩ­මක් සමඟ නව නිවෙ­සක් ඉදි­කි­රීම, නව නිවාස ඉදි­කි­රීම, නිවාස අලු­ත්වැ­ඩි­යාව මේ යටතේ සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘ­තිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යා­ව­කට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටු­වා­පි­ටිය දේව­ස්ථා­නය ආශ්‍රි­ත­වයි. කටු­වා­පි­ටිය දේව­ස්ථා­නය ආශ්‍රි­තව පවුල් 144කට මෙම නිවාස ව්‍යාපෘ­තිය යටතේ සහන සැලසී ඇත. එම දේව­ස්ථාන ආශ්‍රි­තව පම­ණක් නිවාස ව්‍යාපෘ­තිය සඳහා වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 90.855කි.

කොච්චි­කඩේ දේව­ස්ථා­නය ආශ්‍රි­තව පාස්කු ප්‍රහා­ර­යෙන් විප­තට පත් පවුල් 09කට නිවාස ඉදි­ක­රදී ඇති අතර මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්කයේ මෙලෙස පාස්කු ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 70කට නිවාස ඉදි­ක­රදී ඇත.

මෙම ව්‍යාපෘ­තියේ දෙවැනි අදි­යර යටතේ නිවාස 11ක් සඳහා වෙන් කර ඇති මුදල රුපි­යල් මිලි­යන 5කට අධි­කය. එම නිවාස ව්‍යාපෘ­තිය ද කඩි­න­මින් අව­සන් කරන ලෙස ද ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රි­යට තමා උප­දෙස් දුන් බව ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා සඳ­හන් කරයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට ලක්වූ කටු­වා­පි­ටිය දේව­ස්ථා­න­යට නව ඉරු­දින දහම් පාසල් ගොඩ­නැ­ඟි­ල්ලක් ද රජය මඟින් ඉදි­ක­රදී තිබේ. ඊට ප්‍රති­පා­දන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යයි. මේ සඳහා වැය කළ මුදල කෝටි 13කට අධි­කය. පන්ති කාමර 14කින් සම­න්විත මෙම ඉරු­දින දහම් පාසල් ගොඩ­නැ­ඟිල්ල තට්ටු 02කින් සම­න්වි­තය. නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මෙහි ඉදි­කි­රීම් භාරව කට­යුතු කළ අතර පසු­ගිය අප්‍රේල් 09 වැනිදා එම ගොඩ­නැ­ඟිල්ල දේව­ස්ථා­න­යට භාර දීමට පිය­වර ගැනිණ.

 

උපාලි කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT