Home » ලී මඩු­වක සේව­ක­යෙක් ලී මෝලේ හිමි­ක­රුට සිහි මූර්ඡා වන තුරු පහර දීලා

ලී මඩු­වක සේව­ක­යෙක් ලී මෝලේ හිමි­ක­රුට සිහි මූර්ඡා වන තුරු පහර දීලා

වාහ­න­යක් ගෙන්වා රෝහ­ල­ටත් යවලා

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

මුල­තිව් ඉර­ණ­පා­ලෙයි ශිව­න­ගර් ගම්මා­නයේ පිහිටි ලී මඩු­ව­කදී සේව­ක­යෙකු විසින් ලී මෝල අයි­ති­ක­රුට පහර දීම නිසා ඔහු බර­ප­තළ තුවාල ලබා පෙරේදා (28) රාත්‍රී යාප­නය ශික්ෂණ රෝහ­ලට අතු­ළත් කොට තිබේ.

සේව­කයා රාත්‍රියේ දී බීම­තින් ලී මඩු­වට නිදා ගැනීම පිණිස පැමිණි අව­ස්ථා­වේදී එහි අයි­ති­කරු ඔහුට රාත්‍රියේ වැඩ කරන ලෙස දැනුම් දී තිබේ.

එය සේව­කයා විසින් ප්‍රති­ක්ෂේප කිරීම නිසා දෙදෙනා අතර බහි­න්බස් වීමක් සිදුව ඇත.

පසුව සේව­කයා විසින් ලී මඩුවේ තිබූ පොල්ල­කින් එහි හිමි­ක­රුට සිහි මූර්ඡා වන තුරුම පහර දී ඇත.

පහර දුන් සේව­කයා විසින්ම වාහ­න­යක් ගෙන්වා ලීමෝලේ හිමි­ක­රුව මුල­තිව් පුදු­කු­ඩි­ඉ­රිප්පු රෝහ­ලට ඇතු­ළත් කොට සෙසු සේව­ක­යින්ට ඒ බව දැනුම් දී තිබේ.

තුවා­ල­ක­රුගේ තත්ත්වය ඉතාම බර­ප­තළ බැවින් ඔහුව යාප­නය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

පහර දීමෙන් පසුව ඒ බව සෙසු සේව­ක­යින්ට දැනුම් දුන් සේව­කයා මුල­තිව් ප්‍රදේ­ශ­යෙන් පලා යාමට උත්සාහ කළ අව­ස්ථා­වේදී පුදු­කු­ඩි­ඉ­රිප්පු පොලි­සිය විසින් එම සැක­ක­රුව මුල­තිව් සිලා­වත්ත ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT