Home » මත් පුව­ක්ව­ලට නාඋල පොලි­සිය වැට බඳිද්දී ජාවා­රමෝ ඔන්ල­යි­න්ව­ලින් බඩු බෙදති

මත් පුව­ක්ව­ලට නාඋල පොලි­සිය වැට බඳිද්දී ජාවා­රමෝ ඔන්ල­යි­න්ව­ලින් බඩු බෙදති

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

කලක් තිස්සේ නාඋල පොලි­සිය සිදු කළ මෙහෙ­යුම් හේතු­වෙන් අඩාළ වී තිබූ පැණි පුවක් හා මදන මෝදක හා මාවා ඇතුළු මත් විශේෂ ගනු­දෙ­නු­ක­රු­වන්ට ඔන්ල­යින් හරහා ලබා දීමේ ජාවා­ර­මක් ක්‍රියා­ත්මක බැවි නාඋල නග­ර­වා­සීහු පවසා සිටිති.

පසු­ගිය සමයේ දී නාඋල පොලි­සියේ නිල­ධා­රින් විසින් සිදු කරන ලද දීර්ඝ විම­ර්ශ­න­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස නග­රය ආශ්‍රි­තව අ‍ෙලවි වූ පැණි පුවක් වැනි මත් විශේෂ අ‍ෙල­විය සම්පූ­ර්ණ­යෙන්ම නැවතී තිබිණි.

නමුත් අලුත් අවු­රුදු සමය ඉලක්ක කර මත් ජාවා­ර­මුන් හඳුන්වා දී ඇති මුදල් යැවීමේ ක්‍රම­වේද හරහා සහ කුරි­යර් සේවා ඹස්සේ ඔන්ල­යින් ක්‍රම ඔස්සේ විවිධ මත්ද්‍රව්‍ය රැගෙන විත් මේ වන විට බෙදා­හැ­රීම් සිදු වන බවත් ඇතැ­මෙක් ඔන්ල­යින් ඔස්සේ පෞද්ග­ලි­ක­වම විවිධ මත්ද්‍රව්‍ය ගෙන්වා ගෙන භාවි­ත­යට ගන්නා බැව් නාඋල නග­ර­වා­සීහු පවසා සිටිති.

පොලි­සිය නිර­න්ත­රව සිදු­ක­රන සෝදිසි කිරීම් හේතු­වෙන් මත්ද්‍රව්‍ය රැගෙන යාම හා අ‍ෙලවි කිරීම සිදු කළ නොහැකි තත්ත්ව­යක් ඇතිවී ඇති පසු­බි­මක වෙනත් විවිධ ක්‍රම යොදා­ග­නි­මින් සංවි­ධා­නා­ත්ම­කව සිදු­ක­රනු ලබන මත්ද්‍රව්‍ය වෙළෙ­ඳාම පිළි­බ­ඳව ක්ෂණික තොර­තුරු ආර­ක්ෂක අංශ වෙත ලබා­දිය හැකි බවත්, ඔනෑම තොර­තු­රක් ලද සැණින් ක්‍රියා­ත්මක වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩා­යම් නිර­න්තර සූදා­න­මින් පසු­වන බවත් මේ සම්බ­න්ධ­යෙන් කළ විම­සී­මක දී නාඋල පොලි­සිය පවසා සිටි­යේය.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT