Home » යුරෝපා සංග­මය චීන සමා­ගම් තුනක් වට­ලයි

යුරෝපා සංග­මය චීන සමා­ගම් තුනක් වට­ලයි

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

යුරෝපා  සංග­මයේ නිල­ධා­රීන් පෝල­න්තයේ සහ නෙද­ර්ල­න්තයේ පිහිටි ආර­ක්ෂක උප­ක­රණ නිප­ද­වනු  ලබන චීන සමා­ගම් තුනක වැට­ලීම් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  කලින් දැනු­ම්දී­ම­කින් තොරව මේ හදිසි වැට­ලීම් සිදු කර ඇත්තේ එම චීන සමා­ගම්  අයුතු ලෙස සිය රාජ්‍ය­යට වාසි­දා­යක අයු­රින් කට­යුතු කරන බවට මතුවූ සැක­යක් මත  බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වැට­ලීම් සිදු කරනු ලැබූ එක්  සමා­ග­මක් ගුව­න්තො­ටු­පො­ළ­වල ගම­න්මලු නිරී­ක්ෂ­ණය කිරීමේ ස්කෑනර් යන්ත්‍ර සහ  අනෙ­කුත් උප­ක­රණ නිෂ්පා­ද­නය කරන සමා­ග­මක් බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. එම වැට­ලීම් හේතු­වෙන් යුරෝපා සංග­මය සහ චීනය අතර පව­තින දේශ­පා­ලන අර්බු­දය තව­දු­ර­ටත් උත්සන්න වනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.

වැට­ලීම්  සිදු කළ සමා­ගම් විදේ­ශා­ධාර ලබන බවට සහ එය යුරෝපා සංග­මයේ අභ්‍ය­න්තර  වෙළෙ­ඳ­පො­ළට හානි­කර විය හැකි බව යුරෝපා සංග­මයේ නිල­ධා­රීන් අන­තුරු අඟවා ඇතැයි ද  වාර්තා වේ. කෙසේ වෙතත් වැට­ලී­මෙන් සොයා ගනු ලැබූ තොර­තුරු සම්බ­න්ධව යුරෝපා  සංග­මයේ නිල­ධා­රීන් කිසිඳු ප්‍රකා­ශ­යක් සිදු කර නැති බවත් විදෙස් මාධ්‍ය  වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT