Home » ගාල්ලට ආබා­ධිත ඡන්ද­දා­යක හැඳු­නු­ම්පත් 300ක් නිකුත් කර අව­සන්

ගාල්ලට ආබා­ධිත ඡන්ද­දා­යක හැඳු­නු­ම්පත් 300ක් නිකුත් කර අව­සන්

by Gayan Abeykoon
April 30, 2024 1:03 am 0 comment

මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුව ආබා­ධිත ඡන්ද දාය­ක­යන් වෙත මෙවර හැඳු­නු­ම්පත් ලබා­දීමේ වැඩ­ස­ට­හන යටතේ ගාල්ල දිස්ත්‍රි­ක්කය තුළ මේ වන විට එවැනි හැඳු­නු­ම්පත් 300ක් නිකුත් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැති­ව­රණ කොම­සා­රිස් ඩබ්ලිව්.එච්.කේ. විජ­ය­කු­මාර මහතා පැව­සීය.

මෙම වැඩ­ස­ට­හන යටතේ ගෙවී ගිය මාස තුන ඇතු­ළත තම කාර්යා­ලය විසින් ගාල්ල දිස්ත්‍රි­ක්කයේ  ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලට ගොස් නිය­මිත දත්ත ලබා­ගෙන මෙම හැඳු­නු­ම්පත් නිකුත් කරන ලද බවත්, මෙම මාස­යෙන් පසු එකී කට­යුත්ත අව­සන් කරන බවත් කී ඒ මහතා, ඉන් පසු­වත් තම කාර්යා­ල­යට ඉදි­රි­පත් කරන ඉල්ලීම් සඳහා දිග­ටම ක්‍රියා කරන බව ද කීය.

මෙම හැඳු­නු­ම්පත මැති­ව­රණ සඳ­හාම නිකුත් කරන බවත්, මෙය ඉදි­රි­පත් කර­මින් ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී ආබා­ධිත පිරිස් වෙත ලබා දෙන පහ­සු­කම් සිය­ල්ලම ලබා ගත හැකි බවත් ඔහු කියා සිටි­යේය. වෙනදා එක් එක් මැති­ව­රණ සඳහා වෙන වෙනම ග්‍රාම සේවා නිල­ධාරී මඟින් ලිපි ඉදි­රි­පත් කර අවශ්‍ය අව­සර ලබා­ගත යුතුව තිබු­ණත්  මෙම නව හැඳු­නු­ම්පත හේතු­වෙන් කිසිදු අප­හ­සු­තා­ව­කින් තොරව ජන්ද දැමීම සිදු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ යටතේ ප්‍රවා­හ­නය ඇතුළු සිය­ලුම පහ­සු­කම් මෙන්ම ජන්ද මධ්‍ය­ස්ථා­න­යෙන් යොදන සිය­ලුම පහ­සු­කම් ලැබෙන බවද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT