Home » සාම විනි­සුරු පදවි ලබයි

සාම විනි­සුරු පදවි ලබයි

by Gayan Abeykoon
April 30, 2024 1:03 am 0 comment

කළු­තර, උතුරු උග්ග­ල්බඩ මවු­න්ටන් විලේජ්චි පදිංචි පේම­ත්තු­හේ­වාගේ ප්‍රේම­චන්ද්‍ර මහතා මුළු දිව­යි­න­ටම බල­පාන පරිදි සාම­දාන විනි­ශ්ච­කා­ර­ව­ර­යකු ලෙස කළු­තර දිසා අධි­ක­ර­ණයේ අති­රේක දිසා විනි­සුරු සම්පත් ගමගේ මහතා ඉදි­රියේ පසු­ගි­යදා දිවු­රුම් දුන්නේය. ගා/ඇ/දිවි­තුර ධම්ම­ති­ලක විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබ ගාල්ල කාර්මික හා තාක්ෂ­ණික විද්‍යා­ලයේ වෘත්තීය අධ්‍යා­ප­නය හැදෑරූ ප්‍රේම­චන්ද්‍ර මහතා 1991 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට බැඳී වසර 22ක සේවා කාල­ය­කින් පසුව 2013 වර්ෂයේ බල­ලත් නිල­ධා­රී­ව­ර­යෙක් ලෙස විශ්‍රාම ලැබීය. ඒ මහතා රට දැය වෙනු­වෙන් හමුදා ක්‍රියා­න්විත සේවයේ යෙදෙ­මින් අව­සන් මානු­ෂීය මෙහෙ­යු­මට හා තවත් මෙහෙ­යුම් රැස­කට සහ­භාගී වෙමින් පූර්ණ භූමි පද­ක්කම – 2003, රිවි­රැස මෙහෙ­යුම පද­ක්කම ඇතුළු පද­ක්කම් රැසක් හිමි කර­ගෙන ඇත.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සමා­ගමේ ජ්‍යෙෂ්ඨ ආර­ක්ෂක සහා­යක නිල­ධා­රී­යකු ලෙස සේවයේ යෙදෙන අතර ප්‍රේම­චන්ද්‍ර මහතා කාර්මික කළ­ම­නා­ක­රණ ඩිප්ලෝමා පාඨ­මාලා කීප­යක් හදාරා ඇත. ඒ මහතා පොදු කට­යුතු හා විවිධ සමාජ සේවා කට­යු­තු­වල ද නිරත වන අතර කළු­තර උග්ග­ල්බඩ ත්‍රිවිධ හමුදා විශ්‍රා­මික රණ­විරු සංග­මයේ වත්මන් සභා­ප­ති­ව­ර­යාද වෙයි. දිලෙන තරු ක්‍රීඩා සමා­ජයේ ලේකම් ලෙසත් සමාජ මෙහෙ­වරේ යෙදෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT