Home » ලෝක­යෙන් මැලේ­රි­යාව තුරන් වන­ තෙක් මෙරට රෝග ආවේ­ක්ෂ­ණය ශක්ති­මත් කළ යුතුයි

ලෝක­යෙන් මැලේ­රි­යාව තුරන් වන­ තෙක් මෙරට රෝග ආවේ­ක්ෂ­ණය ශක්ති­මත් කළ යුතුයි

විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

by Gayan Abeykoon
April 30, 2024 1:03 am 0 comment

ලෝක­යෙන් මැලේ­රියා රෝගය තුරන් වන ­තෙක් මැලේ­රියා රෝග ආවේ­ක්ෂ­ණය ඉතා ශක්ති­මත්ව රට තුළ පව­ත්වා­ගෙන යා යුතු බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

අවු­රුදු 30කට පසු ලෝකයේ රටක් මැලේ­රි­යාව තුරන් කළේ නම් ඒ ශ්‍රී ලංකාව බවත් 2016 වර්ෂ­යේදී මැලේ­රි­යාව, බරවා රෝග මෙර­ටින් තුරන් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක මැලේ­රියා දිනය පසු­ගි­ය­දාට (25) යෙදුණු අතර ඒ නිමි­ත්තෙන් ජාතික උත්ස­වය සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාගේ පූර්ණ ආශී­ර්වා­දය සහ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කුරු­ණෑ­ගල මැලේ­රියා මර්දන ප්‍රාදේ­ශීය ඒකක පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. ‘‘වඩා සාධා­රණ ලෝක­යක් සඳහා මැලේ­රි­යා­වට එරෙහි සටන වේග­වත් කිරීම’’ මෙවර ලෝක මැලේ­රියා මර්දන වැඩ­ස­ට­හනේ තේමාව විය. මේ සඳහා දිස්ත්‍රික්ක 25ට අදා­ළව මැලේ­රියා මර්දන ව්‍යාපා­රයේ ප්‍රාදේ­ශීය ඒකක 27 නියෝ­ජ­නය කර­මින් සෞඛ්‍ය වෘත්ති­කයෝ සහ­භාගි වූහ. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය විසින් ශ්‍රී ලංකාව මැලේ­රි­යා­වෙන් තොර රටක් ලෙස 2016 වර්ෂ­යේදී ඊට අදාළ සහ­ති­කය ලබා දෙන ලදි. 2023 වර්ෂ­යේදී මෙර­ටින් මැලේ­රියා රෝගීන් 62ක් වාර්තා වී ඇති අතර එම රෝගී­න්ගෙන් බහු­ත­ර­යක් අප්‍රි­කානු රට­වල සංචා­රය කර පැමිණි අය වේ. මෙරට පළමු මැලේ­රියා මර්දන ඒක­කය 1911 වර්ෂ­යේදී ආරම්භ කළ අතර ජාතික උත්ස­වය පව­ත්වන ලද්දේ එම මැලේ­රියා මර්දන ඒකක පරි­ශ්‍රයේ වීම විශේ­ෂ­ත්ව­යකි.

මෙම අව­ස්ථා­වට වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා ගුණ­රත්න, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් එස්.එම්. ආනල්ඩ්, මැලේ­රියා මර්දන ව්‍යාපා­රයේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය චම්පා අලු­ත්වීර, වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය ඉනෝකා වීර­සේන, කුරු­ණෑ­ගල ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පමිල් අධි­කාරි, පුත්ත­ලම ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අමිල මදු­රංග මහත්ම මහ­ත්මීහු ද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, හෙද හෙදි­යන් ඇතුළු සෞඛ්‍ය වෘත්ති­කයෝ පිරි­සක් සහ­භාගි වූහ.

සන්ධ්යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT