Home » රසා­ය­නික පොහොර, කිවුල් වතුර හා දිය­වැ­ඩි­යා­වත් ඊට බල­පා­නවා
රටේ ජන­ග­හ­න­යෙන් සිය­යට 10කට වකු­ගඩු රෝග

රසා­ය­නික පොහොර, කිවුල් වතුර හා දිය­වැ­ඩි­යා­වත් ඊට බල­පා­නවා

විශේ­ෂඥ වෛද්‍ය සංජය හෙයි­ය­න්තු­ඩුව

by Gayan Abeykoon
April 30, 2024 1:03 am 0 comment

රටේ ජන­ග­හ­න­යෙන් සිය­යට දහ­යක් පමණ දෙනා කුමන හෝ වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බවත්, දිය­වැ­ඩියා රෝගය මෙයට ප්‍රධාන හේතුව බවත් වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය සංජය හෙයි­ය­න්තු­ඩුව මහතා පැව­සීය.

වර්ත­මා­නයේ කුඩා දරු­වන් පවා වයස් භේද­ය­කින් තොරව වකු­ගඩු රෝග­යට ගොදුරු වී තිබෙන බවද ඒ මහතා කීය. ඒ මහතා මේ බව කියා සිටියේ, ගාල්ල කරා­පි­ටිය වකු­ගඩු රෝග සංග­මය මගින් සංවි­ධා­නය කොට අම්බ­ල­න්ගොඩ මාද­ම්පා­ගම ඉඩ­ම්තො­ටදී පැවැති වකු­ගඩු රෝගීන්ගේ අවු­රුදු උත්ස­ව­යක ප්‍රධාන අමුත්තා වශ­යෙන් සහ­භාගී වෙමිනි. වකු­ගඩු රෝගීන්, වකු­ගඩු ප්‍රදා­නය කළ අය සහ වකු­ගඩු රෝග­යෙන් සුව වූවන්ගේ පවු­ල්වල අයගේ සහ­භා­ගී­ත්ව­යෙන් මෙම අවු­රුදු උලෙළ පැවැ­ත්විණි.

තව­දු­ර­ටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

වකු­ගඩු රෝග කිහි­ප­යක් තිබෙ­නවා. මෙම රෝගය ඇති­වී­මට ප්‍රධාන හේතුව දිය­වැ­ඩියා රෝගය, අධික රුධිර පීඩ­නය, මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිට­වීම, වකු­ග­ඩු­වල ගල් ඇති වීම, පර­ම්ප­රා­ගත වකු­ගඩු රෝග හා හඳු­නා­නො­ගත් ආදී වශ­යෙන් රෝග කිහි­ප­යක් තිබෙ­නවා. උතුරු මැද, වයඹ ආදී ප්‍රදේශ කිහි­ප­යක සී.කේ.ඩී.යූ. නමැති රෝගය බහුල වශ­යෙන් දක්නට තිබෙ­නවා. එයට හේතු වන්නේ කිවුල් වතුර හා රසා­ය­නික පොහොර භාවි­ත­යයි. දැනට දිය­වැ­ඩියා රෝගය ද වැඩි වීමක් දකි­න්නට තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම වැරදි ආහාර රටා, මාන­සික ආත­තිය, ව්‍යායාම් අඩු­කම වකු­ගඩු රෝග ඇති වීමට ප්‍රධාන හේතු වෙනවා. වකු­ගඩු ප්‍රදා­නය කරන පිරිස අඩුයි. බස්නා­හිර පළාතේ දිය­වැ­ඩියා රෝගීන්ගේ වැඩි වීමක් තිබෙ­නවා. එයට හේතුව විශේ­ෂ­යෙන්ම කෑම බීමයි. ක්ෂණික කෙටි කෑම වර්ග හා ව්‍යායාම් අඩු වීමයි. වකු­ගඩු රෝගය හැදුණු අය, වකු­ගඩු බද්ධ කළ අයගේ පවු­ල්වල අය දැඩි පීඩ­න­ය­කින් ඉන්නේ. ඒ පීඩ­නය යම් ප්‍රමා­ණ­ය­කින් අඩු කිරී­ම­ටයි ඒ අය සම්බන්ධ කර­ගෙන මෙවැනි උත්සව සංවි­ධා­නය කරන්නේ. ”

මෙම අව­ස්ථා­වට කරා­පි­ටිය වකු­ගඩු රෝග සංග­මයේ සභා­පති කරු­ණා­දාස වීර­රත්න, ගම්පහ වික්‍ර­මා­රච්චි ආයූ­ර්වේද විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර් ය නාලක ජය­සේන, බස්නා­හිර පළාත් මානව හිමි­කම් කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය සිංහ ජීව සුදත්, ගේට්වේ අධ්‍යා­පන ආය­ත­නයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සිංහ රංජිත් ජය­ති­ලක හා ඩීන් ද සිල්වා යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් සහ­භාගී වූහ.

 

අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත් කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්රිය­ද­ර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT