Thursday, May 16, 2024
Home » බසයේ ගිය මඟීන් දෙදෙ­න­කුගේ ගමන් මලු­වල කසිප්පු ලීටර් 48ක්

බසයේ ගිය මඟීන් දෙදෙ­න­කුගේ ගමන් මලු­වල කසිප්පු ලීටර් 48ක්

by Gayan Abeykoon
April 30, 2024 1:02 am 0 comment

මුල­තිව් සිට යාප­නය බලා ධාව­නය වෙමින් තිබූ ලංගම බස් රථ­ය­කින් කසිප්පු ලීටර් 48ක් ගමන් මලු­වල දමා­ගෙන ප්‍රවා­හ­නය කර­මින් සිටි පුද්ග­ල­යින් දෙදෙ­නෙක් ධර්ම­පු­රම් පොලි­සිය විසින් පෙරේදා (28) අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.

මේ දෙදෙනා පුදු­කු­ඩි­ඉ­රිප්පු ප්‍රදේ­ශ­යෙන් බස් රථ­යට ගොඩ වී ඇති අතර පොලි­සිය එම බස් රථය පරීක්ෂා කිරී­මේදී එක් ගමන් මල්ලක තිබී කසිප්පු තොග­යක් හමු වී තිබේ. එම සැක­කරු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මේදී තවත් පුද්ග­ල­යකු සිය ගමන් මල්ලද රැගෙන බස් රථ­යෙන් බිමට බැස පලා යාමට උත්සාහ කළ අව­ස්ථා­වේදී පොලි­සිය ලුහු­බැඳ ගොස් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරී­මේදී එම ගමන් මල්ලේද කසිප්පු පැකැට් තොග­යක් තිබී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් දෙදෙ­නා­ගේම ගමන් මලු දෙකේ කසිප්පු ලීටර් 48ක් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා මේ ජාවා­රම කාල­යක් තිස්සේ කර­ගෙන ගොස් ඇති බවට පොලි­සි­යට තොර­තුරු ලැබී තිබේ. ධර්ම­පු­රම් පොලි­සිය විසින් කසිප්පු ප්‍රවා­හ­නය කළ බස් රථ­යද අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර සැක­ක­රු­වන් මුල­තිව් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගෙන තිබුණි.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT