Home » ඇල්ද­ම්පෝ­රුව වැවේ වාරි ඇළ­ව­ලින් ගම්මුන්ට බෙදන වතුර බොන්න සුදුසු නෑ

ඇල්ද­ම්පෝ­රුව වැවේ වාරි ඇළ­ව­ලින් ගම්මුන්ට බෙදන වතුර බොන්න සුදුසු නෑ

by Gayan Abeykoon
April 30, 2024 1:02 am 0 comment

රත්නැල්ල, මහ­අ­ස්සැ­ද්දුම සහ තෝර­පි­ටියේ  ප්‍රදේ­ශ­වා­සීහු දැඩි පීඩා­වක

ජලය විෂ­බී­ජ­හ­ර­ණ­යට ක්‍රම­වේ­ද­යක් ඉල්ලයි 

විස­ඳුම් යෝජ­නා­වට ප්‍රති­පා­දන හා  අනු­මැ­තිය ලද වහා ගැට­ලුව විස­ඳ­නවා – මිනිපේ ප්‍රාදේ­ශීය සභාවේ ලේකම්

පිරි­සුදු ජලය බිඳක් පානය කිරී­මට නොමැ­ති­ක­මින් මිනිපේ ප‍්‍රාදේ­ශීය සභා බල ප‍්‍රදේ­ශයේ පිහිටි රත්නැල්ල, මහ­අ­ස්සැ­ද්දුම සහ තෝර­පි­ටිය යන ග‍්‍රාම නිල­ධාරී වසම් තුනේ ජන­තාව වසර ගණ­නා­වක සිටම පීඩා විඳින බව එම ප්‍රදේ­ශ­වා­සීහු පෙන්වා දෙති.

හස­ලක ඔයේ සිට ඇල්ද­ම්පෝ­රුව වැව කරා ජලය එන වාරි ඇළ මාර්ගය ස්ථාන තුන­කදී හරස් කර මෙම ගම්මා­න­වල ජන­තා­වට ජලය ලබා දීමට කට­යුතු කර තිබේ.

රත්නැල්ල ගොවි සංවි­ධා­නය, අක්ක­ර­කො­ල­නිය ජල සමි­තිය සහ මිනිපේ ප‍්‍රාදේ­ශීය සභාව යන අංශ විසින් ව්‍යාපෘති තුනක් මඟින් මෙම ජල සැප­යුම් ලබා දී තිබේ.

හස­ලක ඔයේ සිට ඇල්ද­ම්පෝ­රුව වැවට ජලය සප­යනු ලබන කිලෝ­මී­ටර් තුනක පමණ දුර ඇති මෙම ජල මාර්ග­යට ඉහ­ළින් ඇත්තේ රත්නැල්ල රක්ෂිත වනා­න්ත­ර­යයි. මහ­ඇළ ආස­න්නයේ පදිංචි ජන­තාව සහ රත්නැල්ල දිය ඇල්ල නැර­ඹී­මට පැමි­ණෙන දෙස් විදෙස් සංචා­ර­ක­යන් මෙම මහ ඇළේ ජලය විවිධ අව­ශ්‍ය­තා­ව­යන් සඳහා ද භාවි­ත­යට ගනී. දිය ඇල්ල නැර­ඹී­මට පැමි­ණෙන බොහෝ සංචා­ර­ක­යන්ගේ අනු­වණ ක‍්‍රියා හේතු­වෙන් පාරි­ස­රික හානි මෙන්ම ජලය දූෂ­ණය වීම සිදුව ඇති බවට ද ප‍්‍රදේ­ශ­වා­සීහු චෝදනා කරති.

මහ ඇළ ආරම්භ වන ස්ථානයේ සිට ඉහළ වනා­න්තර ප‍්‍රදේ­ශ­යේදී මිය යන වන සතුන්ගේ අප­ද්‍රව්‍ය මෙන්ම වනයේ ජීව­ත්වන සතුන්ගේ මල­පහ ඇතුළු වෙනත් කොටස් ගස්වල කඳන් හා දිරා­පත්ව තිබෙන කොළ වර්ෂා ජල­යට හසුවී පහළ ඇළ මාර්ග­යට ගලා එන අතර, එම ජලය කිසිදු පිරි­සුදු කිරී­ම­කින් තොර­වම නළ මඟින් තමන්ගේ නිවෙ­ස්ව­ලට ලැබෙන බවද පාරි­භෝ­ගි­කයෝ සඳ­හන් කරති. ගොවි සංවි­ධා­නයේ පාල­නය යටතේ පවුල් 106ක්, අක්ක­ර­කො­ල­නිය ජල සමි­තිය යටතේ පවුල් 150ක් සහ ප‍්‍රාදේ­ශීය සභාවේ පාල­නය යටතේ ඇති ව්‍යාපෘ­තිය මඟින් පවුල් 200ක් පමණ වශ­යෙන් මෙම වසම් තුනේ පාරි­භෝ­ගික පවුල් සංඛ්‍යා­වක් සිටින බව වාර්තා වේ.

රත්නැල්ල ගොවි සංවි­ධා­නයේ භාණ්ඩා­ගා­රික ඒ. එම්. පී. ජී. විජේ­රත්න මහතා මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් මෙසේ කියා සිටි­යේය.

Òඇල්ද­ම්පෝ­රුව වැවට ජලය සැප­යෙන මහ ඇළෙන් දැනට සංවි­ධාන දෙකක් හා සභාවේ පාල­නය යටතේ ග‍්‍රාම සේවා වසම් තුනක ජන­තා­වට ජල සැප­යුම් ලබා දී තිබෙ­නවා. නමුත් මේ ජලය පානය කිරී­මට තරම් සුදුසු තත්ත්ව­යක නැහැ. මෙවැනි ජලය පිරි­සුදු කිරී­ම­කට ජල පෙර­න­යක් ගැනී­මට හෝ විෂ­බී­ජ­හ­ර­ණය කිරී­මට සුදුසු ටැංකි­යක් සැක­සී­මට අප­ට­වත් අක්ක­ර­කො­ල­නිය ජල සමි­ති­ය­ට­වත් වත්ක­මක් නැහැ. එම නිසා අප යෝජනා කරන්නේ මෙම ජල යෝජනා ක‍්‍රම තුන­ටම වෙන වෙනම හෝ ජලය පිරි­සුදු කිරී­මට ජල පෙරන සකස් කර එම ජලය විෂ­බී­ජ­හ­ර­ණය කිරී­මට අවශ්‍ය යෙද­වුම් යෙදී­මට ක‍්‍රම­වේ­ද­යක් සකස් කරන ලෙසයි. එහෙම නැති­නම් මේ සියල්ල එක ව්‍යාපෘ­ති­යක් බවට පත් කර එය සභා­වට ගෙන එක ටැංකි­යක් සකස් කර මේ යෝජ­නාව ක‍්‍රියා­ත්මක කරන ලෙසත් ඉල්ලා සිටි­නවා.Ó

ගොවි සංවි­ධා­නයේ ලේකම් ඩී. එම්. තිල­ක­රත්න මහතා දැක්වූයේ මෙවන් අද­හ­සකි.

Òරත්නැල්ල ව්‍යාපා­රය යටතේ අක්කර 300කට වැඩි වප­ස­රි­ය­කට ජලය සප­යන්නේ මේ මහ ඇළේ එන ජල­යෙ­නුයි. හස­ලක ඔයේ ජලය අඩු­වන විට මහ ඇළේ එන්නෙත් බොහොම අඩු ජල ප‍්‍රමා­ණ­යක්. මේ එන ජලය ස්ථාන තුන­කින් පිට­වුණු පසු ගොවි­යාගේ වගා­වට අවශ්‍ය ජලය ඇල්ද­ම්පෝ­රුව වැවට ලැබීමේ අඩු­වක් තිබෙ­නවා. එවැනි අව­ස්ථා­වල ගොවි සංවි­ධාන සහ මේ ජල පාරි­භෝ­ගි­කයා අතර යම් යම් මත ගැටුම් පවා සිදු වෙනවා. කෙතට අවශ්‍ය ජලය නොලැ­බු­ණොත් ගොවි පවු­ල්වල සාමා­ජි­ක­යන් කුස­ගින්නේ වගේම ඔවුන්ගේ ආර්ථි­ක­ය­ටත් දැඩි හානි සිදු වෙනවා. එම නිසා මේ ගැන ගැඹු­රින් හිතන්න වෙනවා.Ó

මෙම ජල ගැට­ලුව සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ මිනිපේ ප‍්‍රාදේ­ශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍ර­සිරි මහ­වත්ත මහතා සඳ­හන් කළේ, මෙම ජල ප‍්‍රශ්න­යට විස­ඳුම් ලබා දීමේ යෝජ­නා­වක් ඉදිරි සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට ඉදි­රි­පත් කර සාකච්ඡා කිරී­ම­ටත්, අවශ්‍ය ඇස්ත­මේ­න්තු­වක් සකස් කර එය පළාත් සභා­ව­ටත් ආණ්ඩු­කා­ර­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­ම­ටත් අපේ­කෂා කර අවශ්‍ය ප‍්‍රති­පා­දන හා අනු­මැ­තිය ලද වහාම අවශ්‍ය කට­යුතු කරන බවයි.

 

 

හස­ලක සමූහ - ඊ.එම්.එස්. ඒක­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT