Home » හාලි­ඇළ ගම්මි­රිස් වගා­වට පත්‍ර කහ වීමේ රෝග­යක්

හාලි­ඇළ ගම්මි­රිස් වගා­වට පත්‍ර කහ වීමේ රෝග­යක්

ප්‍රධාන ආදා­යම් මාර්ගය අහිමි වීමෙන් ගොවීහු අමා­රුවේ

by Gayan Abeykoon
April 30, 2024 1:01 am 0 comment

හාලි­ඇළ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය තුළ ගම්මි­රිස් වගා කරන ගම්මාන රැසක ගම්මි­රිස් පත්‍ර කහ වීමේ රෝගය ව්‍යාප්ත වීම හේතු­වෙන් මෙවර අස්වනු විශාල ලෙස අඩුවී ගොවි පවුල් සිය ගණ­නක් දැඩි අසී­රු­තා­ව­යට පත්ව සිටින බව ප්‍රදේ­ශයේ ගම්මි­රිස් ගොවීහු පව­සති.

දැනට මාස කිහි­ප­ය­කට පෙර ඇතැම් ප්‍රදේ­ශ­වල ගම්මි­රිස් වැල් සීමිත සංඛ්‍යා­ව­කට වැල­ඳුණු මෙම රෝගය පසුව කෙමෙන් ව්‍යාප්ත වූ අතර රෝග­යට ගොදුරු වූ ගම්මි­රිස් වැල්වල පත්‍ර කහ පැහැ ගැන්වී වැලෙහි කරටි ගැල­වෙ­මින් ක්‍රම­යෙන් වැල වියළී මැරී­යන බවද ගම්මි­රිස් වගා­වන්හි කරල් හට­ගෙන තිබි­යදී මෙම රෝගය ව්‍යාප්ත වීම නිසා මෝර­මින් තිබූ කරල් හැලී­ගොස් අස්වැන්න විශාල ලෙස අහි­මිව ගිය බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ හේතු­වෙන් තම ප්‍රධාන ආදා­යම් මාර්ගය අහි­මිවී යාමෙන් තමන් පත්ව ඇති අසී­රු­තා­වය පිළි­බ­ඳව අද­හස් දැක්වූ ගොවීහු මෙසේ පැව­සූහ.

ආර්.එම්. ජය­ති­ලක මහතා:  

හාලි­ඇළ, පනා­ක­න්නිය, බෝගොඩ, කැට­වල, දීගල්ල වගේ මේ ප්‍රදේ­ශයේ ගම්මාන රැසක ප්‍රධා­නම වගාව ගම්මි­රිස්. ඒ ප්‍රදේ­ශ­ව­ලත් ඊට ආසන්න ඌව පර­ණ­ගම හා කන්ද­කැ­ටිය කොට්ඨා­ස­ව­ලට අයත් ගම්මා­න­ව­ලත් ගොවීන් විශාල පිරි­සක් ගම්මි­රිස් වගා­කර තිබෙ­නවා. මෙතෙක් කල් කිසිදු කර­ද­ර­යක් නැතිව එයින් හොඳ ආදා­ය­මක් ගත්තා. ඒත් මෙවර කරල් හැදී­ගෙන එද්දිම කහ­වීමේ රෝගය හැදිලා ගොඩක් වගා විනාශ වුණා. ඒ රෝගය හැදු­නම පත්‍ර කහ­පාට වී මැරී ගිහින් කර­ටිත්, කර­ලුත් විය­ළිලා හැලී යනවා. සම­හර තැන්වල ගස් සීය දෙසීය මැරිල ගියා. ගොවීන් විශාල පිරි­සක් මේ නිසා අස­ර­ණව සිටි­නවා.

ඩී.එම්. සෝමා­වතී මහ­ත්මිය: 

අපේ ගම් ප්‍රදේ­ශ­වල බොහෝ පවු­ල්වල ප්‍රධාන ආදා­යම් මාර්ගය වන්නේ මේ ගම්මි­රිස් වගාව. ඒත් මෙවර ගම්මි­රි­ස්ව­ලට වැල­ඳුණු කහ­වීමේ රෝගය නිසා වැල් මැරිලා විශාල හානි­යක් වුණා. කරල් හැදෙන කාලයේ මේ රෝගය ඇති­වුණු නිසා හට­ගත් කර­ලුත් වැටිලා ගොවීන්ට ලොකු අලා­භ­යක් සිදු වුණා. මේක තව­දු­ර­ටත් ව්‍යාප්ත වුණොත් බොහෝ පවු­ල්ව­ලට ජීවත් වෙන්න විදි­හක් නැති වෙනවා. මේ සඳහා අප­න­යන කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව මඟින් දුන් උප­දෙස් අනුව බොහෝ ගොවීන් තමන්ගේ වගා­වන් යම් ප්‍රමා­ණ­ය­කට බේරා ගත්තා. ඒත් විශාල ප්‍රදේ­ශ­යක් පුරා හා උස්ව පැති­රුණු ගම්මි­රිස් වැල් සඳහා ප්‍රති­කාර සිදු කිරී­මට අමා­රුයි. ඒ නිසා බොහෝ වගා­වන් බේරා ගැනී­මට නොහැකි වුණා. ඒ නිසා මේ රෝග­යට ස්ථිර පිළි­ය­මක් ලබා­දෙන්න කිය­ලයි අපි අදාළ නිල­ධා­රී­න්ගෙන් ඉල්ලන්නේ.

එම්.එම්.රෝහිත මහතා: 

මේ ප්‍රදේ­ශය පුරාම බොහෝ වගා­වන්ට ගම්මි­රිස් පත්‍ර කහ­වීමේ රෝගය වැල­ඳුණා. එකම වගාවේ අත­රින් පතර ඇතැම් වැල් පම­ණක් රෝග­යට ගොදුරු වූ අවස්ථා ද තිබෙ­නවා. මෙය පෑවි­ල්ලට සිදු­වන දෙයක් ලෙසයි ගොවීන් මුලින්ම හිතුවේ. ඒ නිසා මේක පැති­රීම ගැන ගොවීන්ට අව­බෝ­ධ­යක් තිබුණේ නෑ. ගොවීන් මේ සඳහා අප­න­යන කෘෂි­කර්ම නිල­ධා­රීන් විසින් නිර්දේශ කරන ලද ප්‍රති­කර්ම සිදු­ක­රත් මේ වන විටත් ප්‍රදේ­ශය පුරා වගා­වන්හි ගම්මි­රිස් වැල් රාශි­යක් මෙම රෝගය වැලඳී මැරී­ගොස් තිබෙ­නවා. ඒ නිසා අපි අදාළ නිල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා පහ­සු­වෙන් යෙදිය හැකි සාර්ථක ප්‍රති­ක­ර්ම­යක් හඳුන්වා දෙන ලෙසයි.

 

හාලි­ඇළ සමූහ - ආර්.එම්. විජේ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT