Home » ග්‍රීස් ගහේ ජය කොඩිය ගන්නා තීර­ණා­ත්මක මොහොතේ සංවි­ධා­ය­කගේ බෑග් එකට විදලා 550,000ක් කොල්ල­කාලා

ග්‍රීස් ගහේ ජය කොඩිය ගන්නා තීර­ණා­ත්මක මොහොතේ සංවි­ධා­ය­කගේ බෑග් එකට විදලා 550,000ක් කොල්ල­කාලා

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

අවු­රුදු උත්ස­ව­යක ග්‍රීස් ගහේ ජය කොඩිය ගන්නා ජය­ග්‍රා­හ­කයා කවු­රු­න්දැයි දැක ගැනී­මට සිය­ල්ලෝම ඒ දෙස අව­ධා­න­යෙන් දෑස් දල්වා­ගෙන උඩ බලා­ගෙන සිටි තීර­ණා­ත්මක නිමේ­ෂ­යේදී අවු­රුදු උත්ස­වයේ සංවි­ධා­යක මණ්ඩ­ලයේ භාණ්ඩා­ගා­රික සන්ත­කයේ තිබූ රුපි­යල් පන්ලක්ෂ පනස් දහ­සක මුද­ලක් (550,000) සොර­කම් කර­ගෙන ගිය පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි රක්වාන පොලි­සිය සඳ­හන් කළේය.

ඉකුත් 21 වැනිදා මාදම්පේ හන්දියේ දී සිංහල සහ හින්දු අලුත් අවු­රුද්ද සමරා අවු­රුදු උත්ස­ව­යක් පැවැ­ත්විණි. ඒ මාදම්පේ හන්දියේ වෙළෙඳ ප්‍රජා­ව­ගේත්, අවට ගම්වා­සී­න්ගේත් නොම­සුරු මුදල් පරි­ත්‍යා­ග­යෙන්.

එදින උදේ කාලයේ සිට අවු­රුදු උත්ස­වය පැවැ­ත්විණි. ජාතික ජන ක්‍රීඩා රැස­කින් සපි­රුණු තරග රැසක් ද ඊට ඇතු­ළත් කර තිබිණි. ගම්වා­සීන් සහ ඊට සහ­භාගි වී සිටි බොහෝ පිරි­සක් වයස් භේද­යක් නොතකා තරග සඳහා සහ­භාගි වී සතු­ටට පත් වූහ.

මේ අතර සවස් කාලයේ ලිස්සන ගහේ කොඩිය ගන්නා ජය­ග්‍රා­හ­කයා කවු­රු­න්දැයි දැක බලා ගැනීමේ ආසා­වෙන් කවු­රුත් විම­සි­ලි­මත් වෙමින් ලිස්සන ගහ ආස­න්න­යට එක් රොක් වූහ. එම උද්වේ­ග­කර අව­ස්ථාව දැක ගැනී­මට සංවි­ධා­ය­ක­යින් මෙන්ම ජන­තා­වද ප්‍රීති ඝෝෂා නංව­මින් ඔල්ව­ර­සන් හඬ දෙමින් ජය­ග්‍රා­හ­කයා දිරි­මත් කර­මින් සිටි­යහ.

එම උණු­සුම් අව­ස්ථාව නිමා වීමෙන් පසු සංවි­ධා­ය­ක­යින් අතර යම් කසු­කු­සු­වක් ඇති විය. තව­දු­ර­ටත් ඒ පිළි­බඳ සොයා­බැ­ලී­මේදී හෙළි­ද­රව් වී ඇත්තේ අවු­රුදු උත්ස­වයේ ජය­ග්‍රාහී තර­ග­ක­රු­වන්ට බෙදා දීමට සූදා­නම් කර තිබූ මුදල් සහිත ත්‍යාග කවර සහ එදින රාත්‍රියේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සංගීත රාත්‍රිය වෙනු­වෙන් භාණ්ඩා­ගා­රික භාරයේ තබා තිබූ මුදල් සහිත බෑගය තිබූ තැනින් කිසි­වෙකු හෝ සොර­කම් කර­ගෙන ගොස් ඇති බවයි. එම බෑගයේ රුපි­යල් පන්ලක්ෂ පනස් දහ­සක මුද­ලක් තිබූ බවද අනා­ව­ර­ණය වී ඇත.

පසුව මේ පිළි­බ­ඳව සංවි­ධා­යක මණ්ඩ­ලය රක්වාන පොලි­සි­යට පැමි­ණිලි කර තිබූ අතර, සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්වාන පොලි­සියේ අප­රාධ අංශයේ කණ්ඩා­ය­මක් මූලික විම­ර්ශන ආරම්භ කළේය. එහිදී පොලි­සි­යට අනා­ව­ර­ණය වී ඇත්තේ සැක­ක­රුගේ දේහ ලක්ෂ­ණ­ව­ලට සමාන පෙනු­මක් ඇති වයස අවු­රුදු තිහක් පමණ වන පුද්ග­ල­යෙකු එදින සවස ගොඩ­ක­වෙල නග­රයේ රෙදි­පිළි වෙළෙ­ඳ­ස­ල­කට ගොස් අලුත් ඇඳුම් මිලදී ගෙන පිටෝන් කාම­ර­ය­කදී ඇඳ ගැනී­මෙන් පසු සැක­කරු ඇඳ සිටි පරණ ඇඳුම් එම කාම­රයේ තබා පිටවී ගොස් ඇති බවයි. එම සිදු­වීම වෙළෙ­ඳ­සලේ සවි­කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධ­තියේ සට­හන්ව තිබූ බවද පොලි­සිය සඳ­හන් කළේය.

සැක­කරු ගලවා දමා ගොස් තිබූ දිග කලි­ස­මක් සහ කමි­ස­යක් පොලි­සිය සිය භාර­යට ගෙන ඇති අතර, එම මුදල් මංකො­ල්ලයේ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා රක්වාන පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පී.වී. වික්‍ර­ම­පාල, පො.සැ. (38838) නන්දන සහ (32292) විජේ­රත්න යන නිල­ධා­රීන් පැති කිහි­ප­යක් ඔස්සේ පරී­ක්ෂණ සිදු කරන බවද පොලි­සිය සඳ­හන් කළේය.

රක්වාන - ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT