Home » අයි­පී­එල් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියේ චිත්‍ර­පට නිළිය පොලි­සිය මග හරියි

අයි­පී­එල් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියේ චිත්‍ර­පට නිළිය පොලි­සිය මග හරියි

by Gayan Abeykoon
April 30, 2024 1:05 am 0 comment

ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ නිල විකා­ශන සමා­ගමේ  අනු­මැ­ති­ය­කින් තොරව නීති විරෝධී ලෙස තරග විකා­ශ­නය කිරී­මෙන් හා ඔන්ල­යින් ඔට්ටු  ඇල්ලීමේ යෙදු­මක් ප්‍රව­ර්ධ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ඊයේ මහා­රාෂ්ට්‍ර සයි­බර්  පොලි­සි­යට කැඳවූ ජන­ප්‍රිය චිත්‍ර­පට නිළි තමන්නා භාටියා ප්‍රකා­ශ­යක් ලබා­දී­මට  වෙනත් දින­යක් ඉල්ලයි.

මේ පිළි­බ­ඳව චිත්‍ර­පට නිළිය තව­මත් මාධ්‍ය වෙත ප්‍රකා­ශ­යක් නිකුත් කර  නැතත්, පොලි­සිය හමුවේ පෙනී සිටී­මට ඉදිරි දින­යක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.  මෙම ඔට්ටු ඇල්ලීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස  තමන්නා භාටි­යාට මහා­රාෂ්ට්‍ර සයි­බර් පොලි­සිය කල් ඇතිව දැනුම් දුන්නේය.  මහා­රාෂ්ට්‍ර සයි­බර් පොලි­සිය මීට පෙර සංජේ දත්ට ද පසු­ගිය සතියේ පෙනී සිටින  ලෙස දන්වා තිබූ නමුත් ඔහුගේ රූගත කිරීම් කාල­ස­ට­හන හේතු­වෙන් යැයි පවසා පසුව  දින­යක් ඉල්ලා සිටි­යේය.

මෙම ඔට්ටු ඇල්ලීමේ සිද්ධිය කිරීම සම්බ­න්ධ­යෙන් චිත්‍ර­පට නළු සාහිල් ඛාන්  පෙරේදා මුම්බායි පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගත් අතර, අත්අ­ඩං­ගු­වට නොගන්නා ලෙස ඔහු  විසින් කරන ලද ඉල්ලී­මක් මුම්බායි මහා­ධි­ක­ර­ණය ප්‍රති­ක්ෂේප කළේය.

අයි­පී­එල් තර­ග­ව­ලදී මහා­දේව් ඔන්ල­යින් ඔට්ටු ඇල්ලීමේ යෙදුම ඩුබායි සිට  ක්‍රියා­ත්මක කොට ඇති බවත්, එම­ඟින් ඉන්දීය රුපි­යල් කෝටි ගණනක පාඩු­වක් සිදුව ඇතැයි කියන පැමි­ණි­ල්ලට අදා­ලව පොලිස්  විම­ර්ශන ආරම්භ කොට ඇත. චෝදනා ලැබ සිටින නළු නිළි­යන් වන සංජේ දත්, ජැක­ලින්  ෆර්නැ­න්ඩස් සහ රැප් ගායක බාද්ෂා සමඟ සම්බන්ධ පුද්ග­ල­යින්ගේ ප්‍රකාශ ද  පොලි­සිය විසින් සට­හන් කර ගෙන ඇත. එම ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රව­ර්ධ­නය කිරීම  සඳහා අනු­බල දුන් ප්‍රසිද්ධ පුද්ග­ල­යින් 40කට වැඩි පිරි­සක් විම­ර්ශ­න­යට ලක්ව  ඇති බව පොලි­සිය ප්‍රකාශ කර ඇත.

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT