Thursday, May 16, 2024
Home » පුත්ත­ලම රෝහලේ දැඩි සත්කා­රයේ ප්‍රති­කාර ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ලංසගේ සිරි­ව­ර්ධන මිය­යයි

පුත්ත­ලම රෝහලේ දැඩි සත්කා­රයේ ප්‍රති­කාර ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ලංසගේ සිරි­ව­ර්ධන මිය­යයි

by Gayan Abeykoon
April 30, 2024 1:05 am 0 comment

දශක පහ­කට ආසන්න කාල­යක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය­වේ­දි­යකු ලෙස කට­යුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ලංසගේ සිරි­ව­ර්ධන මහතා ඊයේ (29) අභා­ව­ප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පව­සති.

පසු­ගිය 22 වැනි දින පුත්ත­ලම කුරු­ණෑ­ගල මාර්ගයේ කල්අ­ඩිය ප්‍රදේ­ශ­යේදී ඒ මහතා ගමන් කර­මින් තිබූ වෑන් රථය ටිපර් රථ­යක ගැටි සිදු වූ මාරක අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ ලංසගේ සිරි­ව­ර්ධන මහතා හා ඔහුගේ බිරිය හා පුතු පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබිණි.   රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී සැත්ක­ම­කට භාජන කිරී­මෙන් පසු රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඒ මහතා ඊයේ (29) අලු­යම මර­ණ­යට පත්වූ බව පුත්ත­ලම මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

සිරි­ව­ර්ධන මහතා උපන් ගම් ප්‍රදේ­ශය නාත්ත­ණ්ඩිය වූ අතර ඔහු නාත්ත­ණ්ඩිය ධම්මි­ස්සර ජාතික පාස­ලේ ද පුත්ත­ලම ශාන්ත ඇන්ඩෘ විද්‍යා­ලයේ ද ආදි සිසු­වෙකි.

ඔහු ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර උපා­ධි­ධා­රි­යකු ද වෙයි.

ඇත්ත පුව­ත්ප­තින් මාධ්‍ය ජීවි­තය ආරම්භ කළ සිරි­ව­ර්ධන මහතා ජාතික රුප­වා­හි­නිය, ස්වාධීන රූප­වා­හි­නිය, ශ්‍රී ලංකා ගුවන් විදු­ලිය සේම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ දින­මිණ පුව­ත්පතේ පුත්ත­ලම සමූහ වාර්තා­කරු ලෙස මිය යන­තුරු තම මාධ්‍ය කට­යුතු මෙහෙ­ය­ව­මින් ජන­තා­වගේ ප්‍රශ්න බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුකිරීම වෙනු­වෙන් දැවැන්ත මාධ්‍ය මෙහෙ­ව­රක නිරත වූහ.

දේහය කොට්ටු­ක­ච්චිය මැල්ල­න්කු­ලම බෝග­හ­යාය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අව­සන් කට­යුතු මැල්ල­න්කු­ලම පොදු සුසාන භුමි­යේදී හෙට (01) සවස 5.00ට සිදු කෙරේ.

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්රියං­කර ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT