Thursday, May 16, 2024
Home » වැලි­ගම කාන්තා විද්‍යා­ලයේ ගින්න මැඬ­ප­ව­ත්වයි

වැලි­ගම කාන්තා විද්‍යා­ලයේ ගින්න මැඬ­ප­ව­ත්වයි

by Gayan Abeykoon
April 30, 2024 1:05 am 0 comment

වැලි­ගම නග­රයේ  පෞද්ග­ලික කාන්තා විද්‍යා­ලයේ   නේවා­සි­කා­ගා­ර­යක  ඊයේ (29 ) පස්ව­රුවේ ඇතිවු  වූ ගින්න පාල­නය  කොට නිවා දැමී­මට කට­යුතු කළ බව වැලි­ගම පොලි­සිය කියයි.

වැලි­ගම නග­රයේ පෞද්ග­ලික කාන්තා  විද්‍යා­ල­යක   ⁣නේවා­සි­කා­ගා­රය පිහිටි  සිව් මහල් ගොඩ­නැ­ඟිල්ලේ තෙවැනි මහලේ  ඊයේ (29) දින පස්ව­රු­වේදී  ගින්නක්   හට­ගෙන තිබේ.

එම අව­ස්ථා­වේදී  එම අවට පදිංචි සිංහල මුස්ලිම් ජන­තාව සහ රැස්ව සිටි පිරිස  එක්ව ජල බඳුන් උප­යෝගී කර­ග­නි­මින්   ගින්න පාල­නය  කර­මින්  ගින්න නිවා දැමී­මට පිය­වර ගෙන තිබේ. කෙසේ නමුත්  එම ගින්න නිසා එහි තුන්වැනි මහලේ  තිබූ  වටිනා  දේප­ළ­ව­ලට හා උප­ක­ර­ණ­ව­ලට  විශාල අලාභ හානි සිදුව තිබිණි.

ගින්න ඇති­වන  අව­ස්ථාව වන විට දරු­වන්  එක­සිය පන­හ­කට ආසන්න පිරි­සක් රැඳී සිටි­ය ද   කඩි­න­මින් එම දරු­වන්  පිට­තට ⁣ගැනී­මට පිය­වර ගෙන තිබූ බවත්  එම නිසා  කිසි­ව­කු­ටත් අන­තු­රක් නොමැ­තිත් බව පොලි­සිය සඳ­හන් කරයි.

ගින්න ඇති­වී­මට හේතුව මෙතෙක්  අනා­ව­ර­ණය වී නොමැති බවත්   ගින්න හට­ගන්නා අව­ස්ථා­වේදී  එම අවට විදුලි බලය අත්හි­ටුවා තිබී ඇත. ගිනි ගැනීම සම්බ­න්ධ­යෙන්  පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව පොලි­සිය පැවැ­සීය.

මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශයේ නිල­ධා­රීන් පැමි­ණෙන විට ජන­තාව විසින් ගින්න නිවා දැමී­මට පිය­වර ගැනීම නිසා එම ගිනි නිවීමේ රථ නැවත පිටව ගියේය.

විශේ­ෂ­යෙන් මෙම පෞද්ග­ලික විද්‍යා­ලය පසු­ගිය  මාර්තු මස 3 දින ද ගිනි ගැනී­මට ලක්ව තිබූ බව පොලි­සිය කියයි.

මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන්  මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී පණ්ඩුල වීර­සිංහ මහ­තාගේ නියෝග මත වැලි­ගම මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති උපුල් කුමාර මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ මෙහෙ­ය­වති.

වැලි­ගම අබේ­වි­ක්රම ගුණ­රත්න ටී.කේ.මහින්ද වැලි­ගම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT