Home » දිග­නට බාර් එපා කියා පිරි­සක් විරෝ­ධය පාද්දී තවත් පිරි­සක් බාර් ඉල්ලා විරෝ­ධයේ

දිග­නට බාර් එපා කියා පිරි­සක් විරෝ­ධය පාද්දී තවත් පිරි­සක් බාර් ඉල්ලා විරෝ­ධයේ

හිර­වුණු පාර අරින්න පොලි­සි­යත් එයි

by Gayan Abeykoon
April 30, 2024 1:05 am 0 comment

දිගන නග­ර­යට  මත්පැ­න්හල් එපා කියා ඊයේ (29) රජ­වැල්ල  රන්තැ­ටි­පො­කුණ රජ­වා­ලු­කා­රාම විහා­ර­ස්ථා­නයේ සිට පිරි­සක් පෝස්ටර් රැගෙන පැමිණ අලු­තින්  විවෘත කළ මත්පැ­න්හල අසල පැය  දෙකක  පමණ  කාල­යක්  විරෝ­ධ­තා­වක  නිරත  වූහ.

රන්තැ­ටි­පො­කුණ, රාජ­වා­ලු­කා­රාම  විහා­රා­ධි­පති  පිල්හත මහා­නාම හිමි හා බල­ගොල්ල බෞද්ධ මධ්‍ය­ස්ථා­නා­ධි­පති තල්පොත ධම්මා­ලෝක හිමිද  මෙහිදි බාර්  එපා යැයි කිය­මින් උද්ඝෝ­ෂ­ණ­යට එක්ව සිටි­යහ. උන්ව­හන්සේ කියා සිටියේ, දිගන  යනු සාම­කාමී නග­ර­යක් බවත්, තිබෙන බාර් එකට අම­ත­රව තවත් එකක් විවෘත කර  ඇති බැවින් ගම්ද­න­ව්වල අහිං­සක ජන­තාව දැඩි ලෙස මත්පැ­න්ව­ලට ගොදු­රුව සිටින බවද පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් මෙහිදී තවත් පිරි­සක් පෝස්ටර් ප්‍රද­ර්ශ­නය කර­මින් දිග­නට බාර්  අව­ශය බව සඳ­හන් කර සිටි­යහ. පොලිස්  නිල­ධා­රීන් රැසක් පැමිණ හරස්  කළ මාර්ගයේ  රථ වාහන ගම­නා­ග­ම­න­යට  පහ­සු­කම් සැල­ස්වී­මට පිය­වර ගත්හ. තෙල්දෙ­ණිය පොලි­සිය ප්‍රදේ­ශ­යට ආර­ක්ෂාව සලසා තිබිණි.

 

කර­ල්ලි­යද්ද සමූහ - කේ. විජේ­සිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT