Thursday, May 16, 2024
Home » ලෙඩෙක් රැගෙන ආ පිරිස ඇතුළු රෝහල් කාර්යමණ්ඩ­ලයේ 10ක් රෝහලේ
මැණි­ක්හින්න රෝහලේ ගැටුම

ලෙඩෙක් රැගෙන ආ පිරිස ඇතුළු රෝහල් කාර්යමණ්ඩ­ලයේ 10ක් රෝහලේ

by Gayan Abeykoon
April 30, 2024 1:04 am 0 comment
ගැටු­මෙන් රෝහලේ භාණ්ඩවලට හා එම පරි­ශ්‍රයේ නවතා තිබූ වාහනවලට හානි සිදුව තිබූ අයුරු

ජලය යැයි කියා පෙට්‍ර­ල්ව­ලින් මුහුණ සේදී­මෙන් ඇස්වල ඇති වූ අධික දැවිල්ල හේතු­වෙන් ප්‍රති­කාර සඳහා මැණි­ක්හින්න ප්‍රාදේ­ශීය රෝහ­ලට රෝගි­යකු රැගෙන ගිය පිරි­ස­කට බීම­තින් සිටි බව කියන රෝහල් කාර්යමණ්ඩල සාමා­ජි­ක­යකු සිදු කළ බැණ වැදී­මක් මුල්කර ගනි­මින් දෙපා­ර්ශ්වය අතර ඇති වූ ගැටු­ම­කින් තුවාල ලැබූ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධා­රි­ව­රයා ඇතුළු 10 දෙනකු ප්‍රති­කාර සඳහා පේරා­දෙ­ණිය හා මැණි­ක්හින්න රෝහ­ල්ව­ලට ඇතු­ළත් කර තිබේ.

ගැටු­මෙන් තුවාල ලැබූ දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධා­රි­ව­රයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලයේ සිව්දෙ­නකු මැණි­ක්හින්න රෝහලේ ප්‍රති­කාර ලබන අතර රෝගියා සමඟ පැමිණි ඔහුගේ ඥාතීන් බව කියන 06 දෙනකු පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහ­ල­ටත් ඇතු­ළත් කර තිබෙන බව මැණි­ක්හින්න පොලි­සිය පව­සයි.

ප්‍රති­කාර සඳහා පෙරේදා (28) පස්වරු 6.40ට පමණ රෝගියා රැගෙන රෝහ­ලට පැමිණි පිරිස දිගන ප්‍රදේ­ශයේ අවු­රුදු උත්ස­ව­ය­කට සහ­භාගි වෙමින් සිට ඇති අතර එම අව­ස්ථාවේ රෝහල් කාර්යමණ්ඩ­ලය ද රෝහල් පරි­ශ්‍රයේ අවු­රුදු උත්ස­ව­යක් පවත්වා තිබෙන බව පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබේ.

ප්‍රති­කාර ලබා­දීම සඳහා රෝගියා රෝහ­ලට රැගෙන ගිය අව­ස්ථාවේ වෛද්‍ය­ව­රයා ඇතුළු රෝහල් කාර්යමණ්ඩ­ලය එකම ටීෂ­ර්ට­ය­කින් සැරසී සිටි බවත් ඔවුන් බීම­තින් සිටින බවක් පෙනී ගිය හෙයින් ඒ පිළි­බඳ විම­සී­මේදී රෝහලේ පුටු, යකඩ බට හා ගල් මුගු­රු­ව­ලින් තමන්ට පහ­ර­දුන් බවත් පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබන රෝගි­යාගේ ඥාතීහු පව­සති.

ඇස්ව­ලට පෙට්‍රල් වැටීම නිසා අධික වේද­නා­වෙන් පසු වූ තරු­ණ­යාට ද එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් පහර දුන් බව ඔවුහු පැව­සූහ.

සිද්ධිය වූ දින රෝහල් පරි­ශ්‍රයේ අවු­රුදු උත්ස­ව­යක් පැවැ­ත්වෙ­මින් තිබූ බවත් ඉරිදා නිවාඩු දින වුවද තමන් රෝහලේ සේව­යට වාර්තා කර සිටි බවත් මැණි­ක්හින්න රෝහලේ කාර්ය­භාර වෛද්‍ය නිල­ධාරී ඩබ්.සී.කේ. වීර­පාන මහතා පැව­සු­වේය. ගැටුම ඇති­වන අව­ස්ථාවේ රෝහලේ වෛද්‍ය­ව­රයා ද බීම­තින් සිටි බවට ද චෝදනා එල්ල වී තිබේ.

ගැටු­මෙන් රෝහල් පරි­ශ්‍රයේ නවතා තිබූ වාහන පහ­කට අලා­භ­හානි සිදුව ඇත. එම වාහන අතර රෝගියා රැගෙන ආ ත්‍රිරෝද රථය ද රෝහල ආස­න්නයේ නවතා තිබූ පෞද්ග­ලික මෝටර් රථ­යක් ද තිබෙන බව පොලි­සිය පව­සයි.

දෙපා­ර්ශ්වය අතර ඇති වූ ගැටුම උත්සන්න වීමත් සමඟ පුටු හා යකඩ පොලු­ව­ලින් පහ­ර­දීම් සිදු­වෙද්දී රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි පිරිස් ද රෝහල් පරි­ශ්‍ර­යෙන් ඉව­තට දිව­ගොස් තිබෙන බව දැන ගන්නට තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මැණි­ක්හින්න පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.ඩී. චන්ද්‍ර­පාල මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පැවැ­ත්වෙයි. පහ­ර­දී­මට සම්බන්ධ වූ දෙපා­ර්ශ්ව­යෙන්ම ප්‍රකාශ සට­හන් කර ගැනී­මට පොලි­සිය පිය­වර ගෙන තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසි­ව­කුත් අත්අ­ඩං­ගු­වට ගෙන නැත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තල­ගල මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ. ඒ මහ­තාගේ උප­දෙස් මත විශේෂ කණ්ඩා­ය­මක් එහි ගොස් රෝහල් කාර්යමණ්ඩ­ල­යෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇත.

පරී­ක්ෂණ මඟින් රෝහල් කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් වග­කීම පැහැර ඇති බවට වාර්තා වුව­හොත් ඒ සම්බ­න්ධ­යෙන් විනය ක්‍රියා­මාර්ග ගන්නා බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීර­සූ­රිය මහතා කීය. මෙම ගැටු­මෙන් රෝහලේ රෝද පුටු හා දොර ජනෙල් කිහි­ප­ය­කට අලා­භ­හානි සිදුව ඇත.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT