Home » ගොවි­තැ­නට දෙන ට්‍රැක්ට­ර්ව­ලට ඇති අධික මිල ඒකා­ධි­කා­රය වහා නව­ත්වන්න

ගොවි­තැ­නට දෙන ට්‍රැක්ට­ර්ව­ලට ඇති අධික මිල ඒකා­ධි­කා­රය වහා නව­ත්වන්න

ගාල්ල අති­රේක ලේක­ම්ගෙන් උප­දෙස්

by Gayan Abeykoon
April 30, 2024 1:04 am 0 comment

වී ගොවි­තැන සඳහා ටැක්ටර් යන්ත්‍ර ලබා ගැනී­මේදී පෞද්ග­ලික අයි­ති­ක­රු­වන් පව­ත්වා­ගෙන යන අධික මිල ඒකා­ධි­කා­රය වහා නතර කිරී­මට පිය­වර ගන්නැයි ගාල්ල  අති­රේක ලේකම් (ඉඩම්) අයේෂා කාරි­ය­ව­සම් මහ­ත්මිය ගාල්ල සහ­කාර ගොවි­ජන සේවා අධ්‍ය­ක්ෂ­ව­ර­යාට උප­දෙස් ලබා දුන්නාය.

මෙවර එතු­මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂි­කර්ම කමි­ටු­වේදී ඇය මේ බව පැව­සු­වාය. ගොවි­යන් වෙත මෙම යන්ත්‍ර ලබා දීමේදී අධික මුදල් අය කරන බැවින් වී ගොවි­තැන ගොවීන්ට එපා වී ඇතැයි පෙන්වා දුන් ඒ මහ­ත්මිය, මේ වන විටත් ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත්, ගොවි සංවි­ධා­න­ව­ල­ටත් රජ­යෙන් මෙවැනි යන්ත්‍ර ලබා දී ඇති නිසා මෙම යන්ත්‍ර ගොවි­තැන් කරන ගොවීන් වෙත ඉතා සහ­න­දායී මිල­කට ලබා දීමට පිය­වර ගන්නැයි  ද අති­රේක දිසා ලේක­ම්ව­රිය කියා සිටි­යාය.

 

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT