Thursday, May 16, 2024
Home » මුද්දර ගැන දැනු­ම්වත් කරන්න‍ තැපැල් මුද්දර ප්‍රද­ර්ශ­න­යක්

මුද්දර ගැන දැනු­ම්වත් කරන්න‍ තැපැල් මුද්දර ප්‍රද­ර්ශ­න­යක්

by Gayan Abeykoon
April 30, 2024 1:04 am 0 comment

ශ්‍රී ලංකාවේ තැපැල් මුද්ද­ර­වල ඉති­හා­සය සහ ලෝකයේ ප්‍රථම තැපැල් මුද්ද­රය පිළි­බඳ පාසල් ළමුන් දැනු­ම්වත් කිරීම සහ විනෝ­දාං­ශ­යක් වශ­යෙන් තැපැල් මුද්දර එකතු කිරීම පිළි­බඳ පාසල් ළමුන් සහ වැඩි­හි­ටි­යන් උනන්දු කිරීමේ අර­මුණ ඇතිව තැපැල් මුද්දර ප්‍රද­ර්ශ­න­යක් ඉකුත් 27 වැනි දින අම්බ­ල­න්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යා­ල­යේදී පැවැ­ත්විණි.

දකුණු පළාත් නියෝජ්‍ය තැපැ­ල්පති රවීන්ද්‍ර ගුණ­රත්න මහ­තාගේ උප­දෙස් අනුව මෙම ප්‍රද­ර්ශ­නය අම්බ­ල­න්ගොඩ තැපැල් ස්ථානා­ධි­පති පී.එච්.බී.තිල­ක­සිරි මහතා විසින් සංවි­ධා­නය කරනු ලැබ තිබුණි. මේ සඳහා අම්බ­ල­න්ගොඩ තැපැල් කලා­පයේ උප තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ පූර්ණ සහාය ද ලැබුණු බව අම්බ­ල­න්ගොඩ තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

ප්‍රද­ර්ශ­නය නැර­ඹීම සඳහා ළමුන් විශාල පිරි­සක් ද පැමිණ සිටි­යහ. 1857 අප්‍රේල් මස 1 වැනි දින ලෝකයේ මුල් වරට නිකුත් කළ එළි­ස­බෙත් මහ රැජ­නගේ උඩු­කය සහිත තැපැල් මුද්ද­රය ද මෙහිදී දැක ගත හැකි විය. එම මුද්ද­රයේ වටි­නා­කම පැන්ස එකක් බව එහි සඳ­හන්ව තිබුණි.

 

අම්බ­ල­න්ගොඩ සමූහ - ආර්. ඤාණ­දාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT