Home » වතු සේව­ක­යින්ගේ දරු­වන්ට ලක්ෂ 49ක අභ්‍යාස පොත්

වතු සේව­ක­යින්ගේ දරු­වන්ට ලක්ෂ 49ක අභ්‍යාස පොත්

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

ජාත්‍ය­න්තර ෆෙයා රබර් සංවි­ධා­නයේ සහ සීමා­ස­හිත ලලාන් රබර් පුද්ග­ලික සමා­ගමේ වැවිලි අංශයේ මූල්‍ය අනු­ග්‍ර­හය මත රුපි­යල් ලක්ෂ 49ක මුද­ලක් වැය කොට දෙහි­ඕ­විට සහ දැර­ණි­ය­ගල ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක වතු සේව­ක­යින්ගේ පාසල් යන දූ දරු­වන් 1830කට අභ්‍යාස පොත් ලබා දීම සීමා­ස­හිත ලලාන් රබර් පුද්ග­ලික සමා­ගමේ වැවිලි අංශය මඟින් කට­යුතු කර ගෙන යයි.

මීට සම­ගා­මීව වතු සේව­ක­යන්ගේ සුභ­සි­ද්ධිය සහා ෆෙයා රබර් සංවි­ධා­නයේ සහ ලලාන් සමා­ගමේ මූල්‍ය අනු­ග්‍ර­හය මත තිර­සර සංව­ර්ධන ඉලක්ක යටතේ රුපි­යල් මිලි­යන 80ක පමණ මුද­ලක් වැය­කොට මෙවැනි ව්‍යාපෘති 150ක් පමණ මේ වන විට ක්‍රියා­ත්මක කොට ඇති බව ද ඔවුහු පව­සති.

අධ්‍යා­ප­න­යෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වතු සේව­ක­යන්ගේ දූ දරු­වන්ට ලැප්ටොප් සහ ටැබ් පරි­ග­ණක ලබා දීමත්, පානීය ජල ව්‍යාපෘති, වතු නිවාස සහ ළමා සංව­ර්ධන මධ්‍ය­ස්ථාන පිළි­ස­කර කිරීම, ක්‍රීඩා පිටි ලබා දීම, පාලම් අලු­ත්වැ­ඩියා කිරී­මද එම ව්‍යාපෘති අතර වෙයි. මෙම සියලු ව්‍යාපෘති සඳහා අධී­ක්ෂ­ණය ලලාන් අයා­ත­නයේ අධ්‍යක්ෂ රවී ජය­ති­ලක, සාමා­න්‍යා­ධි­කාරී ඇල්බට් පීරිස්, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී නිශාන්ත සෙන­වි­රත්න, ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කරු (තිර­සා­රත්ව සහ විශේෂ ව්‍යාපෘති) රූකාන්ත රාජ­පක්ෂ යන මහ­ත්වරු සහ අනෙ­කුත් විධා­යක නිල­ධා­රීන් විසින් සිදු කරනු ලබයි.

 

යටි­ය­න්තොට විශේෂ සමන් එස්. රත්නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT