Thursday, May 16, 2024
Home » කෝටි 30ක පිර­මීඩ වංචා­වක්

කෝටි 30ක පිර­මීඩ වංචා­වක්

මහ­නු­වර ගඟ­වට කෝරල ප්‍රා. සභා ලොක්කෙකුට එරෙහි පැමි­ණි­ල්ලක්

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

අධික ලාභාංශ ලබා­දෙන බව පව­ස­මින් තමන්ව පිර­මීඩ ජාවා­ර­ම­කට යොමු­කර රුපි­යල් කෝටි ගණ­නක මුද­ලක් වංචා කළ බවට පුද්ග­ල­යන් 18 දෙනකු මහ­නු­වර ගඟ­වට කෝර­ලය ප්‍රාදේ­ශීය සභාවේ ඉහළ නිල­ධා­රි­යෙ­කුට එරෙ­හිව මහ­නු­වර පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබේ.

රුපි­යල් ලක්ෂයේ සිට රුපි­යල් ලක්ෂ 30 දක් වූ මුදල් අදාළ නිල­ධා­රියා විවිධ පුද්ග­ල­ය­න්ගෙන් ලබා­ගෙන තිබෙන බවට පැමි­ණිලි ඉදි­රි­පත්ව තිබෙන බව පොලි­සිය පව­සයි.

ඔන්මැක්ස් ඩී.ටී නමැති පීර­මීඩ ජාවා­රම සඳහා පුද්ග­ල­යන් ගණ­නා­වක් යොමු­කර තිබෙන මෙම නිල­ධා­රියා ද ලක්ෂ ගණ­නින් මුදල් එහි ආයෝ­ජ­නය කර තිබෙන බව අනා­ව­ර­ණය වී ඇත.

අදාළ නිල­ධා­රි­යායේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා පොලි­සිය අධි­ක­රණ නියෝ­ග­යක් ලබා ගැනී­මට කට­යුතු කර­මින් සිටින අතර මහ­නු­වර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී අනු­රුද්ධ බණ්ඩා­ර­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් විශේෂ වංචා විම­ර්ශන අංශය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

රාජ­කා­රියේ නිර­තව සිටිය දී සිදු­කළ බව කියන මූල්‍ය වංචා­වක් සම්බ­න්ධ­යෙන් ද මෙම නිල­ධා­රි­යාට එරෙ­හිව එල්ල වී තිබෙන අතර ඒ සම්බ­න්ධ­යෙන් ද පළාත් පාලන කොම­සා­රි­ස්ව­රි­යගේ උප­දෙස් මත පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇත.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT