Home » මෛත්‍රීට පැනවූ වාරණය දීර්ඝ කෙරේ

මෛත්‍රීට පැනවූ වාරණය දීර්ඝ කෙරේ

by chanaka
April 18, 2024 11:10 am 0 comment

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ධුරයේ වැඩකටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය මැයි මස 09 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් අද (18) මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT