Home » පරිසරයට හානි කරන තොරතුරු මේ අංකයට කියන්න

පරිසරයට හානි කරන තොරතුරු මේ අංකයට කියන්න

by chanaka
April 18, 2024 3:31 pm 0 comment

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව, ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 දරණ හදිසි ඇමතුම් අංකය මේ වනවිට හඳුන්වා දී තිබේ.

ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පාරිසරික හානියක් සිදුවන්නේ නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT