Home » ඒ.ටී.ආරියරත්න මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ දී

ඒ.ටී.ආරියරත්න මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ දී

by yasara
April 20, 2024 12:22 pm 0 comment

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙයි

ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර  තිබෙයි.

විශාල පිරිසක්  දේහයට අවසන් ගෞරව දැක්වුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දක්වා ඥාතීන්ට සිය ශෝකය ද ප්‍රකාශ කළේය

අභාවප්‍රාප්ත ආචාර්ය  ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව  අද පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT