Home » ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – ඇමති මනූෂ

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – ඇමති මනූෂ

by chanaka
April 20, 2024 7:32 pm 0 comment

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්නාරමේදී අද (20) ආරම්භවූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ මන්නාරම් දිස්ත්‍රික් දිගහැරුමේ සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ සඳහන් කළේය.

මන්නාරම යනු මෙරට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කළ භූමියක් බවත් ඉන්දියානු සාගර සීමාවන් තුළ මන්නාරමට විශෙෂ තැනක් හිමිවෙන බවත් මනුෂ නානායක්කාර මහතා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,

“මන්නාරම් දිස්ත්‍රික්කය කියන්නේ වර්ග කිලෝමීටර් 2002 ක බිම් ප්‍රමාණයක්. මන්නාරමේ ජනගහනය ගත්තාම වයස අවුරුදු 18 අඩු අය තමයි වැඩි . අවුරුදු 60ට වඩා වැඩිමල් අය ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් . අනාගතයට දියුණුවක් දකින්න පුළුවන්,තරුණ ශ්‍රමය වැඩි දිස්ත්‍රික්කයක් තමයි මන්නාරම කියන්නේ .

අද මෙම වේදිකාවේ නොසිටියත් ටී,එන්. ඒ ඇතුළු වෙනත් පක්ෂ නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, රිෂාර්ඩ් බද්‍යුදීන් වගේ හිටපු ඇමතිතුමාලා, කොළඹදි ජනාධිපතිතුමා හමුවෙලා මේ ප්‍රදේශයේ ජනතාවට ඕන කරනා පහසුකම් දෙන්න ප්‍රතිපාදන ලබාගන්නාව. අද එතුමන්ලා මෙතන නොසිටියත් මම ඒක සිහි කරනවා.

මන්නාරම කියන්නේ අපේ රට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කරපු භූමියක්. රට ලෝකයට විවර කරපු දොරක්, කවුළුවක්. ඇයි මම කියන්නෙ මන්නාරම අපෙ රට ලෝකයට විවර කරපු දොරක් කියලා. කාටහරි පුළුවන්නම් කියන්න ඇයි කියලා මම එහෙම කියන්නේ. මන්නාරමේ ජනතවට අවබෝධයක් තියෙන්න ඕන මේ රත්තරන් භූමිය ගැන .

අනාගත ඩිජිටල් ලොකයට ගැලපෙන ස්මාර්ට් වැඩ්ඩන් හදන , ස්මාර්ට් මිනිසුන් හදන ජයගමු ශ්‍රී ලංකා වැඩ සටහන, සිස්ටම් එක චේන්ජ් කරන්න මගෙන් පටන් ගමු කියන වැඩ සටහන අරගෙන අපි මන්නාරමට එන්නේ මේ භූමියේ වැදගත් කම දන්න නිසා . මේ භූමියට ඕනැ කරන්නේ මොනවාද කියන් එක ගැන අවබෝධයෙන්. ඇත්තටම අපිට මේ මන්නාරම ගැන පැහැඳිළි දැක්මක් තියනවා. අන්න ඒ නිසා තමා අපි කියන්නෙ මන්නාරම කියන්නෙ ලංකාවෙ අපිට ලෝකයට දොරක් කියලා.

මන්නාරම කියන්නෙ අතීත ලංකාවෙ තිබුන පෝර්ට් සිටි දෙකෙන් එකක් . බටහිරෙන් ආපු නැව් ළඟා වුණේ මන්නාරමට. එදා මන්නාරම කියන්නෙ නැගෙනහිර ලෝකයයයි බටහිර ලෝකයයි මුණ ගස්සපු තැනක් .

අපේ දැක්මට අනුව නම් මේ මන්නාරම නැවත ජාත්‍යනතර වෙළඳ මධ්‍යස්ථනයක් කරන්න ඕන. පෙරදිග අපරදිග ලෝකය යාකටන මධ්‍යස්ථනයක කරන්න ඕන. ඒක තමයි මන්නාරමේ අනාගතය . එකට වට පිටාව දැන් ඉදිවෙමින් තියනවා.

මේ ඉන්දියානු සාගර සීමාවේ මන්නාරමට විශේෂ තැනක් හිමිවෙනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ අතිරේක දෙයක් විතරයි. මන්නාටම වාරායත් , කාලයක් තිස්සේ යෝජනා කරනා ඉන්දියාව සම්බන්ධ කරනා ගොඩබිම් මාර්ගයත් තමයි ප්‍රධන වෙන්නේ.

මේ යෝජනා දිහා ඉන්දීය විරෝධයෙන් බලලා වැඩක් නැ. එදා එහෙම බොරු විරෝධය පාපු අයත් දැන් ඉන්දියාව පැත්තේ යනව එනවා. එදා ඉන්දියානු විරෝධයක් දාලා 60,000 මරපු අයත් අද ඉන්දියවට යනව. අපි මේවා දිහා විවෘතව බලන්න ඕන. ස්මාර්ට් විදිහට බලන්න ඕන. ඉන්දියාව කියන්නෙ දැවැන්ත වෙළඳ පොලක් . ඒවගේම සේතු සමුද්‍රම් වැනි ව්‍යාප්‍ර්ති නිසා වෙළඳ වරායක් හැටියට මන්නාරමෙ වටිනාකම වැඩි වෙන්න පුලුවන්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT