Monday, May 20, 2024
Home » මාලදිවයින් මහමැතිවරණය ඇරඹේ

මාලදිවයින් මහමැතිවරණය ඇරඹේ

by chanaka
April 21, 2024 5:58 pm 0 comment

මාලදිවයින් මහමැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ.

අද (21) එය ආරම්භ වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමෙන් පසුවයි.

ඡන්ද අපේක්ෂකයෝ 368 දෙනෙක් පාර්ලිමේන්තු ආසන 93 ක් සඳහා මෙවර තරග වදිති. ඉදිරිපත් ව සිටින කාන්තා අපේක්ෂකයන් ගණන 42 කි. සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් ගණන 280,000 කට අධික ය.

මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 602 ක් පිහිටුවා ඇත. විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 3 ක් කොළඹ, ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් යන නගරවල ස්ථාපනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT