Saturday, May 18, 2024
Home » පී. ද එස්. කුලරත්න – පාණදුර රාජකීය අවසන් පූර්ව තරගය අද-හෙට

පී. ද එස්. කුලරත්න – පාණදුර රාජකීය අවසන් පූර්ව තරගය අද-හෙට

by sachintha
April 22, 2024 1:36 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කරන අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න සහ පාණදුර රාජකීය විදුහල් අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (22) සහ හෙට (23) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රවිශාන්, නෙත්සර පී.ද එස්. කුලරත්න විදුහල් පිල මෙහෙවනු ලබන අතර රාජකීය විදුහල් පිල යසිත් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබයි.

මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමඟින් තරග වදිනු ඇත.

පී.ද එස්. කුලරත්න විදුහල් සංචිතය: රවිශාන් නෙත්සර (නායක), මහීෂ ප්‍රභාෂණ (උප නායක), ධනුෂ්ක මධුශංක, සසිනුදු කෞෂාන්, මතීෂ දුලංජය, ජනිදු චාමික, ශකිල හංසන, ඉනුක දුල්ජය, ධමික අකලංක, හේෂාන් ද සිල්වා, ගීෂාන් ද සිල්වා, ළකිඳු තිහංසන, යගීත් රනුමික, කවීෂ ගයාෂාන්, භානු අනුත්තර, මධුසංක ද සොයිසා (කණ්ඩායම් භාර ආචාර්ය), ගාමිණී ද සිල්වා (කණ්ඩායම් භාර ආචාර්ය), ජී. අශෝක් කුමාර් (ප්‍රධාන පුහුණුකරු).

පාණදුර රාජකීය විදුහල් සංචිතය: යසිත් ප්‍රනාන්දු (නායක), සෙතික දිල්මිත්, තිනාල් සොයිසා, දිමාත් ජයසිංහ, සදෙව් විජේරත්න, සත්සර සුගතදාස, සෙහඳු ප්‍රනාන්දු, ජොහාන් පතිරණ, ළකිඳු චංචල, නිම්සර ආකාෂ්, කවීෂ පෙරේරා, කේෂව සුභාග්‍ය, චලන පෙරේරා, අරුණ ප්‍රනාන්දු, කණිෂ්ක යටවර, සෙනුර බණ්ඩාර, ළසිරු සඳකැන්, තවිෂර ප්‍රනාන්දු, ඩී.ඒ. කෙනත් (කණ්ඩායම් භාර ආචාර්ය), තරංග ද සිල්වා (පුහුණුකරු).

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT