Home » “ශ්‍රී රාමයන් ට්‍රේල්ස්” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මකයි

“ශ්‍රී රාමයන් ට්‍රේල්ස්” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මකයි

by sachintha
April 23, 2024 2:41 am 0 comment

ඉන්දු – ශ්‍රී ලංකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබැඳියාවේ නවමු පරිච්ඡේදයක් ඇරඹුමට අඩිතාලම සකස් කරමින් “ශ්‍රී රාමයන් ට්‍රේල්ස්” (ශ්‍රී රාමයන මංපෙත්) ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පෙරේදා (21) පැවැත්විණි.

මෙරට සංචාරක, සංස්කෘතික සහ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය සඳහා නවමු මංපෙත් විවර කරමින්, ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේද සමඟින් ශ්‍රී රාමායන මංපෙත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ අයෝධ්‍යාහි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ මඟ පෙන්වීම සහ අනුග්‍රහය මත මේ ව්‍යාපෘතිය ඉදිරියට යෑමට නියමිතය. මේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව ආධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කෙරෙන අතර, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT