Thursday, May 15, 2025
Home » උයිගර් කාන්තාවන්ට උපත්පාලන බලපෑම්

උයිගර් කාන්තාවන්ට උපත්පාලන බලපෑම්

by sachintha
April 24, 2024 1:17 am 0 comment

වඳභාවයට පත් කිරීමෙන් හෝ ගැබ් නොගැනීමේ උපකරණ භාවිත කිරීමෙන් උයිගර් ජාතික කාන්තාවන් උපත් පාලනයට යොමු කිරීමට චීනය බලපෑම් කරන බවට එරට සමාජ ක්‍රියාකාරීන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ බටහිර පළාත්වල ජීවත්වන මුස්ලිම් සුළු ජාතික කාන්තාවන් ඉලක්ක කරමින් එය සිදුවන බවත්, උපත් පාලනය සඳහා එවැනි බලපෑම් සිදුවීම ජනසංහාරයක් ලෙස නම් කළ හැකි බවත් උයිගර් සමාජ ක්‍රියාකාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ සම්බන්ධව ඔවුන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද ඉල්ලා ඇති අතර, එය පදනම් විරහිත චෝදනාවක් බව චීනය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. උයිගර් ජාතිකයන් මිලියනයකට වැඩි පිරිසක් කඳවුරුවල රඳවා තබමින් එරට උයිගර් ප්‍රජාව දැඩි හිංසනයට ලක් කරන බවට වසර 2017 සිට චීනයට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනාව ද චීනය ප්‍රතික්ෂේප කර ඇත්තේ උයිගර් ජාතිකයන් කඳවුරුවල නොව අධ්‍යාපන මධ්‍යස්ථානවල රඳවා තබමින් ඔවුන් ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් සහ අන්තවාදයෙන් බේරා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT