Home » එ‍ෙලාන් මස්ක් අහංකාර කෝටිපතියෙක් ඔස්ට්‍රේලියානු අගමැති

එ‍ෙලාන් මස්ක් අහංකාර කෝටිපතියෙක් ඔස්ට්‍රේලියානු අගමැති

by sachintha
April 24, 2024 1:16 am 0 comment

‘එක්ස්‘ සමාජමාධ්‍ය ජාලයේ හිමිකරු එලොන් මස්ක් අහංකාර කෝටිපතියකු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තොනි ඇල්බනිස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු අගමැතිවරයා එම ප්‍රකාශය සිදු කර ඇත්තේ සිඩ්නි නුවර කතෝලික දේවස්ථානයකදී පසුගියදා සිදු වූ පිහි ප්‍රහාරයේ වීඩියෝපට ‘එක්ස්‘ සමාජ මාධ්‍යජාලයෙන් ඉවත් කිරීමට එරට රජය කළ ඉල්ලීමට එලොන් මස්ක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් බව ද වාර්තා වේ.

‘මේ අහංකාර කෝටිපතියා සිතා සිටින්නේ ඔහු නීතියට ඉහළින් සිටින අයකු බවයි.‘ ඔස්ට්‍රේලියානු අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සඳුදා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය ඔස්ට්‍රේලියාව තුළ එක්ස් සමාජමාධ්‍ය ජාලයට දින දෙකක වාරණයක් පැනැ වූ අතර, එරට විදත් ආරක්ෂක කොමසාරිස්වරයා එම වීඩියෝපට ජාත්‍යන්තර වශයෙන් ඉවත් කරන ලෙස නියෝග කර තිබූ බව ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු විදත් ආරක්ෂක කොමසාරිස්වරයා ඉල්ලා සිටි පරිදි ඕනෑම රටකට සියලුම රටවලට බලපාන පරිදි විකාශන වාරණයක් ඉල්ලා සිටීමට හැකි නම් ඕනෑම රටක් මුළු අන්තර්ජාලයම පාලනය කිරීම නවත්වන්නේ කෙසේදැයි ඊට ප්‍රතිචාර දැක්වූ ඉලොන් මස්ක් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT