Home » බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල වෘත්තිකවේදීන් බුද්ධි ඒකකයේ විමර්ශනයට

බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල වෘත්තිකවේදීන් බුද්ධි ඒකකයේ විමර්ශනයට

by mahesh
May 3, 2024 1:00 am 0 comment

බ්‍රිතාන්‍ය ජාතික බුද්ධි අංශය වන එම්අයි5 ඒකකයේ නිලධාරින් ඉදිරියේදී එරට විශ්වවිද්‍යාලවල වෘත්තිකවේදීන් සහ පර්යේෂකයන් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුළ ඔත්තු බැලීමේ කටයුතුවල නිරතවන පුද්ගලයන් හඳුනා ගැනීමේ පියවරක් ලෙස බ්‍රිතාන්‍ය රජය එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් ඇතුළු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු 24 දෙනකු සහ එම්අයි5 බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කෙන් මැකලම් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මේ පිළිබඳ නිවේදනය නිකුත් කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපන සැලසුම් ඔත්තු බැලීමේ පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව එම්අයි5 බුද්ධි ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

චීන රජය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක පිට ලන්ඩන් නුවරදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනා වෙස්ට්මිනිස්ටර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි. ක්‍රිස්ටෝපර් කෑෂ් සහ ක්‍රිස්ටෝපර් බෙරි නමැති එම පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT